එජාප ප‍්‍රබල ඇමති ජනපති හමු වී අගමැතිකම ඉල්ලයි.. එජාපයෙන් 17ක් කඩාගෙන යන්න සූදානම්..

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල ඇමතිවරයෙක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමු වී අගමැති ධුරය තමනට ලබා දෙන්නැයි ඉල්ලීමක් කර ඇතැයි වාර්තා පල වෙයි.

තමන් සමග එක්සත් ජාතික පක්‍ෂයේ 17 දෙකෙුගේ පිරිසක්ද සිටින බව පවසා ඇති මෙම ප‍්‍රබල ඇමතිවරයා අගමැතිකම තමනට දෙන තීන්දුව ගන්නේ නම් එම 17 දෙනා සමග ප‍්‍රබල තීන්දුවක් ගැනීමට සූදානම් යයි ජනාධිපතිවරයාට දන්වා ඇතැයිද එම වාර්තාවල දැක්වෙයි.

මෙසේ අගමැතිකම ඉල්ලා ඇත්තේ පසුගිය රාජපක්‍ෂ රජයේද ප‍්‍රබල ඇමති ධුරයක් දරා ගිය මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වැද ජයගත් ඇමතිවරයෙකි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment