විජය රජුගේ සිට ජනපති මෛත‍්‍රී දක්වා ලංකාව ගත් සියළු ණයවලින් 20%ක් ගෙන ඇත්තේ යහපාලන මාස 22කදී… මුදල් අමාත්‍යංශයට සගවනු බැරි ඇත්ත මෙන්න…

ශ්‍රී ලංකාව 2014 දෙසැම්බර් 31 දිනට ලබාගත් සම්පූර්ණ ණය රුපියල් බිලියන 7391කි. මෙය ශ්‍රීලංකාව 1948 නිදහස ලබාගත් දින සිට 2014 දෙසැම්බර් 31 දින දක්වා ලබාගත් දෙශිය විදේශිය ණය වල ගෙවිය යුතු ශේෂයයි.

මෙසේ ලබාගත් ණය රටේ සංවර්ධනයට එනම් ඩී එස් යුගයේ ගල්ඔය ව්‍යපාරයේ සිට වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරුඔය, වලවේ, නොරොච්චෝලේ දකුණු අධිවේගය හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපල, ඉහල කොත්මලේ, කටුනායක එක්ස්ප්‍රස්වේ, ඇතුළු සියලු සoවර්ධන කටයුතුද මෙන්ම රටේ සහනාධාර සඳහා එනම් ඩඩ්ලිගේ නිකං හාල සේරුවේ සිට ඇට අටක් දීම , ජනසවිය උදාගම්, සමුර්දිය , තුනයි පනහට පාන් , පාසල් නිල ඇදුම්, පොහොර රුපියල් 350ට සහ විශේෂයෙන්ම තිස් වසරක් මෙරටේ තිබු දරුණුතම ත්‍රස්තවාදී යුද්ධයද නිමකිරීම හා රාජ්‍ය සේවය ලක්ෂ 6 සිට ලක්ෂ 15 දක්වා වැඩිකිරිම් ඇතුළු සියල්ලද ඇතුලත්වයි.

එහෙත් මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුව අද වන විට මාස 22ක් ගතවී ඇතත් එම සමස්ථ ණය ප්‍රමාණය අඩුකොට නොමැති බවත් එම ප්‍රමාණය තිබුණාට වඩා මේ වනවිට රුපියල් බිලියන 9200 ක් ද ඉහල ගොස් ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ වෙබ් පිටුවේ රාජ්‍ය ණය පිටුව පරීක්ෂා කිරිමෙන් 2016 දෙවන කාර්තුවේ අවසානයේ එනම් 2016 ජුනි 30 දිනට බිලියන 9062 ලෙස සදහන් කොට ඇත. 


ඒ අනුව මාස 18 ක් සඳහා බිලියන 1671 දැවැන්ත ප්‍රමානයකින් සමස්ථ ණය වැඩී වී ඇති අතර එහි සඳහන් නොවුවද තුන්වන කාර්තුව අවසන් වන විට එම ප්‍රමානය බිලියන 9200 දක්වා ඉහල ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඇත්ත වශයෙන් රජයට මීට වඩා ණය අවශ්‍ය වුවත් එය මේ වනවිට උපරිම සීමාවට පැමිණ ඇති බැවින් රජයට ණය ලබාගැනිමට නොහැකි වී ඇත.

මහින්ද රාජපක්ෂ යුගයේ ණය ගෙවීමට යයි කියා මේ රජය ණය ලබාගත් බව නිතරම මුදල් අමාත්‍යවරයා ඇතුළු රජයේ පාර්ශවයන් කිව්වත් එසේ එම යුගයේ අවසාන කාර්තුව එනම් 2014 දෙසැම්බර් 31 දිනට තිබූ සමස්ථ ණය ප්‍රමානය වන බිලියන 7391 ක [එනම් 1948 සිට 2014 දෙසැම්බර් 31 දින දක්වා] ප්‍රමාණයේ අඩුවක් අද වනවිට මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව දැක ගැනීමට නොහැකිය. 



ඒ වෙනුවට අද මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය වශයෙන් 2016 ජුනි 30 වෙනි දිනට එනම් 2106 වර්ෂයේ 2 වෙනි කාරතුව අවසානයේ දේශිය හා විදේශීය සමස්ථ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9062 ක් ලෙස වැඩි වී ඇති බැව් වාර්තා කොට ඇත.

ඒ අනුව 2014 දෙසැම්බර් 31 දිනට ලබාගත් සම්පූර්ණ ණය රුපියල් බිලියන 7391 ට වඩා 25%කින් වැඩි වීමකි. එහෙත් මෙතෙක් දුන් අමුතු සහනාධාරයක් නැත, අලුතින් හදන අධිවේගි මාර්ග නැත. ජනතාවට බදු පිට බදු ගහන යුගයක් උදාවි ඇත. එමෙන්ම ලබන වසරේ අයවැයෙන් වෙනදාට වඩා අධ්‍යාපනිය කෘෂිකර්මය ග්‍රාමීය සංවර්ධනයට මෙන්ම රටේ සංවර්ධනයට ඉතා අඩු මුදලක් වෙන්කොට ඇත.

ප්‍රාදේශිය සංවර්ධනය කියා වෙනම අමාත්‍යාංශයක් බිහිකිරීමේ අරමුණ තවමත් පැහැදිලි නැත. මන්ද එහි අමාත්‍යවරයා වන ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහා ලබන වසර සඳහා වෙන්කොට ඇත්තේ සංවර්ධනයට රුපියල් මිලියන 125 කි. ඔහුගේ වියදම් සඳහා මිලියන 475ක්ද එකතුව මිලියන 600කි. මෙය මේ වසරේ අගමැතිවරයාගේ වාහන සඳහා වෙන් කල මුදල එම අමාත්‍යාංශයේ සංවර්ධනයට වෙන කල මුදලට වඩා වැඩිය.

අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයේ වෙබ් පිටුව මෙතනින්
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment