ෆොන්සේකා ගලවා ගැනිමේ මෙහෙයුමක් ගොඩ ආ ලසන්ත ලගදිම පස් යට

කොටි ත්‍රස්තවාදීන් විනාශ කල ලෝව විශිෂ්ටතම හමුදා බුද්ධි අංශය විනාශ කිරිමට භාවිතා කල යහපාලන අවි දෙකක් වු මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනයන් වෙනතකට හරවා එම ඝාතනයන්ට වගකිවයුතු හිටපු යුධ හමුදාපති වත්මන් යහපාලනයේ පිනා අමාත්‍යධුරය දරණ සරත් ෆොන්සේකා මෙන්ම රටේ ඝාතන රැසකට වගකිවයුතු ප්‍රා නායකයෙකු වන අමාත්‍ය පාඨ්ළි චම්පික රණවක ගලවා ගැනිම සදහා කුමන්ත්‍රණයක් දියත් කර ඇති වග අප අවස්ථා ගණනාවක්දි අනාවරණය කල අතර ඒම මෙහෙයුමේ තවත් පියවරක් ක්‍රියාත්මක කරමින් සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රජයේ පාර්ශ්වයෙන් බලපෑම් එල්ලවීම නිසා එම විමර්ශන කටයුතු අතරමග නවතින තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට සම්බන්ධවී ඇත්තේ කොළඹ ටි්‍රපොලි හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටි හමුදා සෙබළුන් 17 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් බවත්, ඝාතනය සඳහා ඔවුන් පිටත්ව ගොස් ඇත්තේ කොළඹ ටි්‍රපොලි හමුදා කඳවුරේ සිට බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනතෙක් පැවැත්වූ විමර්ශනවලින් හෙළිකර ගෙන ඇති බවත්  ලසන්ත ඝාතනයට ආසන්න දින දෙක තුළ ටි්‍රපොලි හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි හමුදා නිලධාරීන් 270 ක පිරිසගේ නම් ලැයිස්තුව අධිකරණ නියෝගයක් හරහා ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත්තේ මේ හමුදා නිලධාරීන් වරකට 20 දෙනා බැගින් දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ලසන්ත ඝාතනය ගැන ප්‍රශ්න කිරීමටය. ඒ අනුව ඔක්තෝබර් 26 වැනිදා පළමු 20 දෙනාගේ කණ්ඩායම අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවට ගෙන්වා ප්‍රශ්න කොට ඇති අතර, 27 වැනිදා දෙවැනි 20 දෙනාගේ කණ්ඩායම ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිතව තිබී ඇත.

මේ අතර තුර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත විශේෂ නිළධාරියෙකු විමර්ශනයට මැදිහත් වි ඇති අතර මේ ආකාරයෙන් හමුදා නිලධාරීන් කාණ්ඩ වශයෙන් ගෙනැවිත් ප්‍රශ්න නොකරන ලෙස බලපෑම් එල්ල කර තිබේන අතර ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ ඒ සම්බන්ධයෙන් පරික්ෂණ දිගටම කරගෙන යෑම හරහා ලසන්ත ඝාතකයා වත්මන් එජාප අමාත්‍ය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව තහවුරු විම නිසා බවයි.

මේජර් ජයමාන්න එල්ලා මරා ෆොන්සේකාට බේරෙන්න දෙමුද?

 



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment