අන්තෝ ජටා බහි ජටා’ නව අගමැති කෙනක් යටතේ සම්මුති ආණ්ඩුව ඉදිරියටම…??

රටේ දැනට උග්‍ර වී ඇති අර්බුදයන් රජය ඉතා දුෂ්කර තත්ත්වයකට දිනෙන් දින ගමන් කරමින් සිටින බැවින් වහාම එය මැඬලීමට සහ නැතිවී යන ජනතා විශ්වාසය නැවත ගොඩනැගිමට ආණ්ඩුවේ ඉහළම පුටුවේ වෙනස් කලයුතුය යන්න සම්මුති ආණ්ඩුවේ සිටින මෛත්‍රී පාර්ශ්වයේ යෝජනාවකට අනුව වැඩපිළිවෙළක් මේ දිනවල ඉතා රහසිගතව සිදු වෙමින් පවතින බව ඉතා විශ්වාස කටයුතු මාර්ගයකින් අනාවරනය වේ.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායමේ ප්‍රබලයින් කිහිපදෙනකු මේ සඳහා ඉහළම බලවතකුගේ ආශිර්වාදය මත නොයෙකුත් රහසිගත සාකච්ඡා වට කිහිපයක්ම මේ වන විටත් පොදු විපක්ෂයේ [රාජපක්ෂවරුන්] නොවන කණ්ඩායම් කිහිපයක් සමඟ දිනපතා කරමින් පවති.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මෛත්‍රීපාල ජනාධිපති සමග ඉතා කිට්ටුවෙන් සම්බන්ධකම් පවත්වන මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති කාර්යාලය ඉහළ නිලධාරියකු ගේ මැදිහත් වීමෙන් ඒහා සමාන සාකච්ඡාක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනකු සමඟ පවත්වන අතර එහි අරමුණ එහි නියොජ්‍ය මට්ටමේ නායකයකුට අගමැති හෝ නියෝජ්‍ය අගමැති නව තනතුරක් ඇති කොට පොදු විපක්ෂයේ රජයට සම්බන්ධ වීමට කැමති පිරිසක් රැගෙන සම්මුති ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමටයි.

නමුත් නව සිවිල් සංවිධානවලට ඇහුම්කන්දීමක් ලෙස ඔහුගේ ආශිර්වාදය ලබා ගැනීමට සිවිල් සංවිධානවල ඉල්ලීමක් ලෙස දැනට අමාත්‍ය මණ්ඩලයේ සිටින දූෂණ චෝදනා එල්ලවී තිබෙන ජෙෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ තනතුර වෙනස් කොට නව අගමැතිවරයෙකු යටතේ අමාත්‍ය මණ්ඩලයක් පත්කොට ඔහුගේ සහයෝගය මේ සඳහා ලබා ගැනිමට තවත් ව්‍යපාරයක් දියත් කොට ඇත.

ගිය සතියේ පන්නිපිටිය ප්‍රදේශයේ විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී යන අතරතුර රජයේ ආණ්ඩුවේ ප‍්‍රබලයෙකු මෛත්‍රීපිල නියෝජනය කරන වටිනා ඛනිජ තියෙන ප්‍රදේශයක් නියෝජනය කරන දිස්ත්‍රික් නායකයකුට පවසා ඇත්තේ හැකිනම් මහින්ද රාජපක්ෂ සහ බැසිල් හැර වෙන ඕනැම රාජපක්ෂ කෙනෙකුට වැදගත් තනතුරක් ලබාදීමට ඔහු එකග බවත් ඒ වෙනුවෙන් ඕනම සාකච්ඡාවක් ඉදිරියට කරගෙන යන ලෙසයි.

එහෙත් දැනට උග්‍ර වී ඇති තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා සහ ඔහුට සම්බන්ධ පාර්ශවයන් කරගෙන යනු ලබන රහසිගත වැඩපිළිවෙළ ගැන රජයට සම්බන්ධ ප්‍රධානියෙක් මහින්ද රාජපක්ෂ පිලේ ප්‍රධාන භුමිකාවක් කරන තවත් රාජපක්ෂ පවුලේ කෙනෙකුට තොරතුරු දැන්වූහ.

එයට පිලිතුරු වශයෙන් ඔහු ඉතා සැහැල්ලුවෙන් ප්‍රකාශ කර සිටියේ රජය මේ වැටි ඇති දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් කෙසේවත් ඔවෙනි විසඳුම් තුලින් ගොඩ යා නොහැකි බවත්, හැමදාම මේ රටේ ජනතාව සිටින ස්ථානය හරියට අවබෝධකර නොගෙන මෙසේ කරන ඔලු මාරුවෙන් ආණ්ඩුව තවත් අමාරුවේ වැටෙනවා විනා ජනතාවටවත්, රටටවත්, අඩුම වශයෙන් යූ එන් පී එකට හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලි ජනතාව කිසිම සෙතක් නොවන බවයි. 


එමෙන්ම රටේ සාතිශය බහුතරය එනම් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව වාමාංශික කොටස් මෙන්ම ප්‍රගතිශීලි ජනතාව අද වනවිට මහින්ද රාජපක්ෂ සමඟ සිටින අතර යූ එන් පී ප්‍රමුඛ ඉතිරි ජනතාව රනිල් වික්‍රමසිංහ සමඟ සිටින බවත් සිහි තබාගන්නා ලෙසත් අහෝසි කරන විධායකය කෙරෙහි දිනෙන් දිනම ජනතා විශ්වාසය අඩු වෙමින් යන අවස්ථාවක විධායක ලබාදෙන මෙවෙනි විසඳුම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන පක්ෂවලට මෙන්ම එහි ස්ථාවරයන්ට හා ප්‍රතිපත්ති වලට සම්පූර්ණ පටහැනි බවයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment