'වැරදිකරුවො එල්ලනවනම් එල්ලන්න ලණු මදි වෙයි' - ඇමති කබීර්

'වැරදිකරුවො එල්ලනවනම් එල්ලන්න ලණු මදි වෙයි' - ඇමති කබීර්

 

කෝප් කමිටුවෙන් ලබා දුන් නියෝග පිළිපැදීමට එක්සත් ජාතික පක්ෂය සියයට සියයක් බැදී සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි.

කැගල්ල ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සිව් මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් හොරුන්ට දූෂකයන්ට නීතියෙන් ආවරණය වන්නට පහසුකම් ලබා දීමට නව යහපාලන රජය කටයුතු නොකරන බව ද කෝප් කමිටුවේ සභාපතීත්වය විපක්ෂ මන්ත්‍රීවරයෙකුට පිරිනැමීමට කටයුතු කිරීමට පෙරමුණ ගත්තේද එක්සත් ජාතික පක්ෂය බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“මහ බැංකු ගණු දෙනු පිළිබඳ විමර්ශනය මෙතනින් නවතින්නේ නැහැ. හිටපු අධිපතිවරයාගේ සමයේ සිදුවීම් ද අප පරීක්ෂා කරනවා. මේවා නිවැරදි විය යුතුයි. මගේ අමාත්‍යංශයටත් මේ වන විට ඒ කාලයේ බැදුම්කර නිකුතුව පිළිබඳව කටයුතු කළ එන් ට්‍රස්ට් කියන ප්‍රයිමරි ඩීලර් ගැනත් තොරතුරු ලැබිලා තියෙනවා. මේක හොද අවස්ථාවක්. පසුපසට දිගට හොයා ගෙන යන කොට වැරදිකරුවො එල්ලනවනම් එල්ලන්න ලණු මදි වෙයි” යනුවෙන් හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුවේ තීරණය ලෙස කෝප් කමිටුව නොයෙක් වාද විවාද කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරමින් තීරණයක් ලබා දී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා දැන් එම තීරණයට අනුව ක්‍රියාත්මක කිරීමේ බලය පැවරී ඇති අධිකරණයට ඒ සම්බන්ධයෙන් තීරන ගැනීමට කිසිඳු බාධාවක් නැති බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ඇමතිවරු හෝ වෙනත් ලොකුකම් සළකා කිසිවෙක් ආරක්ෂා කිරීමට නොයන බව පෙන්වා දුන් කබීර් හෂීම් අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන සහ ආරක්ෂා කරන යහපාලනය තුළ සාධාරණය කාටත් එක සමාන බව පැහැදිළි කළේය.

 

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment