වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ‘සිරස ලපක්‍ෂපති’ ජයකොඩිය ඔසවයි.. [Video]

සිරස රූපවාහිනියේ සතිපතා පැවැත්වෙන ‘සිරස ලක්‍ෂපති’ වැඩසටහන සදහා ඊයේ දිනයේ කැදවනු ලැබ තිබුණේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ය.

ප‍්‍රශ්න 15කින් යුතු වැඩසටහන ඊයේ දිනට අවසන් කරනු ලැබුවේ ඊළග දිනයේදීත් ආදිවාසී නායකයාට පැමිණෙන්නට ආරාධනා කරමිනි. ඊට හේතුව වූයේ ඊයේ දිනයේ නියමිත වූ කාලයේදී විමසනු ලැබූ ප‍්‍රශ්න 12ටම වන්නිල ඇත්තන් විසින් නිවැරදි ලෙස පිලිතුරු ලබා දීමයි.

ඒ අනුව ඊළඝ දිනයේ විමසන ප‍්‍රශ්න 03ටද ඔහු නිවැරදි පිලිතුර ලබා දුනහොත් මිලියන දෙකක ජයග‍්‍රාහකයා වෙයි. වැඩසටහන පුරාම ආදිවාසි නායකයා සිය විසල් දැනුම මනාවට විදහා දැක්වූ අතර රට තොට ලෝකය ගැන වූ සාරවත් අදහස්ද ඉදිරිපත් කලේ ඔහුටම සුපුරුදු වැදි භාෂාවෙනි.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment