ආබාධිත රණවිරුවන්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් පොරොන්දුවක්

ආබාධිත රණවිරුවන්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් පොරොන්දුවක්

විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ලබන 2017 වසරේ පෙබරවාරි මාසයේ සිට දීමනාවක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ අතර සේවා කාලය වසර 12ට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් පසුගිය 30 වැනිදා කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාව ව්‍යාපාරය මේ වනවිටත් ක්‍රියාත්මකය.

එම විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටින්නේ යෝජිත සේවා විශ්‍රාම වැටුප කඩිනමින් ලබාදෙන ලෙසයි.

ඔවුන් මේ වනවිට  ඕල්කට් මාවත මධ්‍යයට පැමිණ විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් එහි මං තීරු දෙකම සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග හරහා රථවාහන ගමන් කරවීමට පොලීසිය කටයුතු කළ ද මේ වන විට පිටකොටුව, බැස්ටියන් මාවත, ආමර් වීදිය, මරදාන, පංචිකාවත්ත, කොටහේන ඇතුළු මාර්ග රැසක පවතින්නේ දැඩි රථවාහන තදබදයකි.

විරෝධතාවය නිසා ඇති වූ වාහන තදබදය හේතුවෙන් උදෑසන රාජකාරී සඳහා කොළඹට පැමිණෙමින් සිටි බොහෝ දෙනා දැඩි අසීරුතාවකට පත්විය.

මොවුන් ඊයේ (31) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනින් පැමිණ ජනාධිපති ලේකම්වරයාට සන්දේශයක්ද භාර දුන්නේය.

ඉන් අනතුරුව විරෝධතාකරුවන් නැවතත් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටට පැමිණ සිය විරෝධතාවය ආරම්භ කළේය.

ඔවුන් ඊයේ රාත්‍රිය පහන් කලේ ද කොටුව දුම්රියපළ ඉදිරිපිටයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment