අයවැයට පෙර පාර්ලිමේන්තුවේ කාමර, අල්මාරි විශේෂ පරීක්ෂාවකට

අයවැයට පෙර පාර්ලිමේන්තුවේ කාමර, අල්මාරි විශේෂ පරීක්ෂාවකට

මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් ලබන 10 වැනිදා අය වැය වාර්තාව ඉදිරිපත් කරන බැවින් 09 වැනිදා සහ 10 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර සහ ඇඳුම් අල්මාරි ආරක්‌ෂක නිලධාරීන්ගේ විශේෂ පරික්‌ෂණයකට ලක්‌ කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම සමස්‌ත පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ද මෙසේ පරීක්‌ෂාවට ලක්‌ කිරීමට ආරක්‌ෂක අංශවලට උපදෙස්‌ ලබාදී තිබෙන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම අය වැය ඉදිරිපත් කරන දිනයේදී මහජන ගැලරිය ජනතාවට වසා තබන අතර එය ආරාධිතයන්ට පමණක්‌ සීමා කරන බවද නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන්ගේ රථ ගාලද එදින වසා තැබෙන අතර මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන ඒ සඳහා වෙන්කර ඇති රථ ගාලට යවනු ලැබේ. තම ඥතීන් කැටුව එන මන්ත්‍රීවරුන් කාර්ය මණ්‌ඩල පිවිසුම අසලින් බැස පාර්ලිමේන්තුවට පැමිණිය යුතු අතර සියලු ආරාධිතයන්ට ජයන්තිපුර පිවිසුමේ සිට මහජන පිවිසුම දක්‌වා පැමිණීමට ප්‍රවාහන සේවා සපයා ඇත. 

මන්ත්‍රීවරුන් තමන් විසින්ම වාහනය පදවාගෙන එන්නේ නම් එම වාහනය නියමිත රථ ගාලේ ගාල් කිරීම සඳහා මන්ත්‍රී පිවිසුමේ සහ මහජන පිවිසුමේ පාර්ලිමේන්තු රියෑදුරන් යොදවා ඇතැයිද නියෝජ්‍ය කථානායකවරයා පැවසී ය. 
  

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment