චන්ද්‍රිකාගේ පැමිණීමෙන් ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීම උණුසුම් (VIDEO)

චන්ද්‍රිකාගේ පැමිණීමෙන් ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීම උණුසුම් (VIDEO)

ඊයේ (31) පැවති ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඊට සහභාගීවීම සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුවක් මුල් කර ගනිමිනි.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ පෙරවරුවේ පැවැත්වුණේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය.

සභාවේ කටයුතු සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට දායකවීමට ඇති නෛතික පදනම කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අශෝක රන්වල මහතා විමසීමත් සමග මෙලෙස සභාව තුළ උණුසුම් තත්වයක් හටගෙව තිබේ.

එයට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කොට ඇත්තේ තමාට මෙම කමිටුවේ සභාපතිවරුන් දෙදෙනා මීට සහභාගී වන ලෙස ආරාධනා කළ බවත් හිටපු ජනාධිපතිනිය ලෙස තමන් මෙහිදී නියෝජනය කරන්නේ රජය බවත්ය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment