මහින්දගෙ සෙනග නිසා නිදහස් පක්ෂය අර්බූදයක බව එස්බී කියයි

අද (02දා) මහනුවරදී SB දිසානායක අමාත්‍යවරයා සිදු කළ කතාව අනුව ඊයේ(1) මැයි දින රැළියේදී මහින්ද රාජපක්ෂ වෙනම කණ්ඩායමක් ලෙස විශාල ශ්‍රිලනිප පාක්ෂිකයින් පිරිසක් එක් කරගැනීම පක්ෂයේ අර්බුදයට
හේතුවන බවට
ඉඟි කර ඇත.
ඒ මෙසේය.
"වෙනම පක්‍ෂයක් යටතේ හිටපු ජනපතිතුමා ඊයේ පැවැත්වූ මැයි රැලියෙන් යමක් ඉගෙන ගත්තා. අහසින් ගත්තු ෆොටෝ දාලා පිට්ටනිය පිරෙවුවත් සමහර මන්ත්‍රීන් නොපැමිණීම, සමහර මන්ත්‍රීවරුන් ජනයා රැගෙන රැලියට නොයෑම නිසා පාක්ෂිකයන් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන අප වටා එක්විය යුතු බවට රටට පණිවුඩයක් දුන්නා.

මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණයක් ඉල්ලා සිටියත් මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පක්‍ෂය පළාත් පාලන හා නගර සභා ඡන්දයෙන් ඔවුන් පරදිනවා. දකුණේ තැන් කිහිපයක් දිනා ගැනීමට ඔවුන්ට හැකිවුවත් ඔවුන්ට දිනාගත හැකි තැන්වලට  අපේ පක්‍ෂයේ දක්‍ෂයන් දැමුවහොත් පාරාජය ලැබීම ඒකාන්තයි. සටන් පාඨ හැටියට මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණයක් ඉල්ලා සිටියත් මැතිවරණවලින් පැරදීමේ පසුබිම එතුමාගේ පවුලෙන්ම ඇරඹෙනවා. මැතිවරණය ආරම්භ වීමට ප්‍රථම එතුමාගේ පවුගේ කිහිපදෙනෙකු අප පක්‍ෂය වට එකතු වනවා"
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment