මරික්කාර්ගෙන් සැර කතාවක්.


ඇදුම ඇතුලේ නයි දාගෙන කනවා කනවා කියලා තේරුමක් නැති බවත් නයා අරගෙන එළියට දාන්න ඕන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ රුපියල් ලක්ෂ 20 ක වියදමෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද ගොතටුව මල්පුර මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්ය.

"2015 ජනවාරි මාසේ 08 වෙනදා රටේ ජනතාව මේ ආණ්ඩුව පත් කලේ.එවකට පැවැති පාලනය අයින් කරලා මේ රටෙන් දූෂණය, වංචාව නාස්තිය හා මිනීමැරුම් මුළු මනින්ම තුරන් කරන්න කියලයි. එක කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඒවාට සම්බන්ධ වුණු අයට නඩු විභාග කරලා නිසි දඩුවම් ලබා දීම. අපි ජනතාවටත් ඒ දේ පොරොන්දු වුනා. දෙවැනි  එක තමයි අපේ ආණ්ඩුවෙත් මේ ආකාරයේ වැරදි වෙනවානම් අපි විරුද්ධයි කියලා කිව්වා. එතකොට මේ පරීක්ෂණ කරගෙන යන ආකාරය දිහා ජනතාව බලාගෙන හිටියා. පක්ෂය හා පසුපෙළ මන්ත්‍රීවරු විදිහට අපි බලාගෙන හිටියා. අවුරුදු දෙකක් ගියා ඇත්තටම අපිට ලැජ්ජයි. මොකද හේතුව මීනීමරුම් වලට නඩු දාගන්න විදිහක් නෑ, හොරකම් කරපු එවුන්ට දඩුවම් දෙන්න විදිහක් නෑ.එතකොට මේ වගේ අවස්ථාවලදී අධිකරණ ඇමතිවරයාගේ වගකීම තමයි මේ රටේ ව්‍යස්ථාවල යම් අඩුපාඩු තියෙනවානම්,  ඒවාට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා පක්ෂයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ජනතාව බලාපොරොත්තු වූ ආකාරවට හොරුන්ට, තක්ඩීන්ට , මිනීමරුවන්ට දඩුවම් ලබා දෙන එක. ඒක එතුමා කරන්නේ නැතිව රට වටේම බයිලා කියව කියව යන්නයි, පක්ෂය නායකතුමාව විචේනය කරගෙන යනවා නම්, පක්ෂයේ ප්‍රතිපත්ති කඩනවානම් එතුමාව එළියට දාන්නේ නැතිව මොකක්ද කරන්න කියන්නේ. අනිත් එක තමයි පොදු අපේක්ෂක සිහින තියාගෙන මහින්ද මහත්තයාගේ ගුලි කාලා , ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ වැඩපිළිවලක උගුලකට එතුමා හසුවීම පිළිබදව අපට කරන්න දෙයක් නෑ දැන් අපිට කියන්න තියෙන්නේ අර ගමේ පරණ කියමනක් තමයි ඒ තමයි ඇදුම ඇතුලේ නයි දාගෙන කනවා කනවා කියලා තේරුමක් නෑනේ. නයා අරගෙන එළියට දාන්න ඕනේ ඒක තමයි අපි කරන්නේ. "

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment