ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක ලෙස වර්ධනය වෙලා - WTO.


ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක ලෙස වර්ධනය වී ඇති බව ලෝක වෙළද සංවිධානය (WTO)විසින් පසුගියදා නිකුත් කල නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙලිකර ඇත. ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් නිකුත්කල වාර්තා හා ලෝක වෙළද සංවිධානයේ නිරීක්ෂණ වාර්තා ඇසුරින් මෙම සමීක්ෂණ වාර්තාව එළිදක්වා ඇත.

එක්දහස්නවසීය අනූ හතර වර්ෂයේ (1994) සිට ලෝකයේ රටවල් එකසීය හැට හතරක (164) ආර්ථික තත්වයේ වර්ධනය පිළිබදව සොයා බලන ලෝක වෙළද සංවිධානයේ ජාත්‍යන්තර වෙළද ප්‍රතිපත්ති සමාලෝචනය වෙනු වෙන් සිවුවන වරට, 2016 වසරේදී  සිදුකල නිරීක්ෂණයන්ට අනුකූලව මෙම වාර්තාව එලිදක්වා තිබුනි.

කෘෂිකර්මාන්තය , මත්ස්‍ය කර්මාන්තය, සංචාරක කර්මාන්තය, සන්නිවේදනය, ප්‍රවාහනය ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබදව මෙම සමීක්ෂණයේදී මූලික අවදානය යොමුකොට ඇති අතර පසුගිය 2010 වර්ෂයට සාපේක්ෂව 2016 වසරේදී මෙලෙස  මෙම ධනාත්මක ආර්ථික වර්ධනය අත්පත්කරගෙන ඇත.

මෙලෙස ලෝක වෙළද සංවිධානය හා රටවල් 164 මෙම ජාත්‍යන්තර වෙළද ප්‍රතිපත්ති සමග ගිවිසුම් ගතව ඇතිනමුත් එම බොහෝ රටවලට පෙර 2010 වර්ෂයට සාපේක්ෂව 2016 වසරේදී මෙම ධනාත්මක ආර්ථික වර්ධනය ළගාකරගත නොහැකිවී ඇති අතරම අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ලෝක වෙළද සංවිධානය හා සිදුකරණ වෙළද ගනුදෙනුවලදී  ඉතා මිත්‍රශීලිව  කටයුතු කරන බවත් අදාල වාර්තාව මගින් කරුණු දක්වා ඇත.

පසුගිය වසරේ (2016) ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවති ලෝක වෙළද සංවිධානය විසින් සංවිධානය කරතිබූ  සමුළුවකදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම ඇගයීමට අදාලව ශ්‍රී ලංකාවේ වෙළද ප්‍රතිපත්ති සමුළුවට ඉදිරිපත්කර තිබුණු අතර එම ප්‍රතිපත්ති මාලාව හා ලෝක වෙළද සංවිධානයේ නිරීක්ෂණ වාර්තා අනුව ශ්‍රී ලංකාව ආර්ථිකයේ ප්‍රශස්ථ වර්ධනය පිළිබදව මෙලෙස සමීක්ෂන වාර්තාව මගින් කරුනු එළිදක්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment