මාස 10කට පසු පන්ති වර්ජනය අවසන්.


මාස 10කට අධික කාලයක් පුරා පැවැති වෛද්‍ය පීඨ ශිෂ්‍ය පන්ති වර්ජනය අවසන් කර සඳුදා සිට යළි දේශනවලට යෑමට තීරණය කර ඇතැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රිකාකාරී කමිටුවේ ආරංචි මාර්ග කියයි.

රාගම වෛද්‍ය පීඨයෙන් පන්ති  වර්ජනය ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේය. ඒ අනුව මාස 10ක පමණ කාලයක් පන්ති වර්ජනය ක්‍රියාත්මක විය.

හෙට කොළඹ කොටුවේදී විශේෂ රැලියක් පවත්වා කොටුවේ ඉදි කර ඇති අට්ටාලය ඉවත් කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීවේය.

කෙසේ වෙතත් මෙම තීන්දුව ගැන සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ සිටි කිහිප දෙනකු අතර මත බේද ඇති වී තිබෙන බව ද දැනගන්නට ඇත. සයිටම් ආයතනය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට සහ එහි දැනට සිටින සිසුන්ට සාධාරණයක් කිරීමට රජය එකඟ වූ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියයි.  නමුත් සිසුන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්නේ ඔවුන් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගෙනදැයි යන්න ගැන තීරණයක් නැත. අවසන් තීරණයක් නැතිව මෙවැනි තීරණයකට එළඹීම වැරදි බව සයිටම් සටනේ ඉදිරිපෙළ සාමාජිකයෙක් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment