'2018 දී ලංකා ආර්ථිකය 5%කින් වේගවත් වෙයි' : ලෝක බැංකුව


ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 දී 5%කින් වේගවත් වනු ඇතැයි ලෝක බැංකුව සිය නවතම ආර්ථික පුරෝකථනයෙන් පවසයි.

එමෙන් ම දකුණු ආසියාව පිළිබඳ ව ලෝක බැංකුව පවසන්නේ 2018 දී 6.9%ක වර්ධනයක් අත්පත් කරගන්නා බවත් පරිභෝජනය ශක්තිමත් ව පවතින අතර අපනයන යථා තත්ත්වයට පත්ව ආයෝජන යහපත් ලෙස පවතිනු ඇති බවයි.

2018 - 2019 මූල්‍ය වර්ෂයේ දී ඉන්දියාව 7.3%ක වර්ධනයක් ලබාගනු ඇති අතර 2019 - 2020 වර්ෂයේ දී එය 7.5%ක වර්ධනයක් වනු ඇත. පෞද්ගලික අංශ භාණ්ඩ හා සේවා බද්දට හුරුවෙමින් පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ යනු ඇත.

ඉන්දියාව හැර ගත් විට කලාපය 2018 වසරේ දී 5.8%ක වර්ධනයක් ද 2019 වසරේ දී 5.9%ක වර්ධනයක් ද ලබනු ඇත. පකිස්ථානය 2018 - 2019 වසරේ දී 5.8%ක, බංග්ලාදේශය 6.7%ක්ද අත්පත් කරගනී. ශ්‍රී ලංකාව 2018 දී ශක්තිමත් පෞද්ගලික පරිභෝජන හා අයෝජනා වර්ධනයක් පෙන්වමින් 5%ක වේගයක් අත්පත් කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment