එජාපය අලුත් ආණ්ඩුවකට සූදානම් වෙයි

එජාපය අලුත් ආණ්ඩුවකට සූදානම් වෙයි
අද (12) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති අතර ඒ අනුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට ආරාධනා කිරීමට ජනාධිපතිවරයාට සිදු වේ.
 
නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙස ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරමින් සිටී. ඒ අනුව ලබන 15 වැනිදාට පෙර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට එජාපය සූදානම් වන අතර පසුගිය මහ මැතිවරණයට අනුව එජාපය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 106 ක් හිමිව තිබේ.
 
බහුතරය සකස් කරගැනීම සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ කරගැනීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇති බව ද වාර්තා වේ.
 
එජාප ආණ්ඩවක් සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් තරග කළ සෙසු පක්ෂ ද කැමැත්ත පළකර තිබෙන අතර ඒ අනුව එජාපයට තවත් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු ආසන 08 ක් පමණි. වත්මන් පාර්ලිමේන්තුවේ නිළ විපක්ෂය ලෙස කටයුතු කරන දෙමළ ජාතික සන්ධානය එජාප ආණ්ඩුවක් සඳහා සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ඔවුන් ඇමතිධූර ලබා නොගෙන සහාය දැක්වීමට අදහස් කරගෙන සිටින බවයි වාර්තා වන්නේ.
 
UN
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment