කාසියේ වාසියෙන් මන්ත්‍රී තෝරලා -ආධාරකාරියන් කෙහෙවලු පටලවාගෙන

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පලාගල ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටි අපේක්‍ෂකයන් දෙදෙනාටම සම ඡන්ද ප්‍රමාණයක් හිමිවීම නිසා කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව එක් අපේක්‍ෂකයකුට ජයග්‍රහණය හිමිවී තිබේ.
කාසියේ වාසිය හිමි වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදී සිටි අපේක්‍ෂකයාට සහයෝගය ලබාදුන් දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ ආධාරකාරිනියන් පිරිසක් එක්සත් ජාතික පක්‍ෂ ආධාරකාරිනියන් පිරිසකට උසුළු විසුළු කරමින් ජයග්‍රහණය භුක්ති විඳීම සිදුකර තිබේ. මේ ජයග්‍රහණය භුක්ති විඳ

ඇත්තේ කාන්තාවන් දෙපිරිසක් වීම විශේෂත්වයකි.

පසුව කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු බලය එක්සත් ජාතික පක්‍ෂයට සභික ධුරය ලැබීමත් සමඟ උසුළු විසුළුවලට ලක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ කාන්තාවන් පිරිස නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකාරිනියන්ට උසුළු විසුළු කිරීමට යෑමේදී දෙපිරිස අතර මේ ගැටුම හටගෙන තිබේ. කාන්තාවෝ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් හා කෙස්වලු පටලවා ගැනීමක්ද සිදුව ඇති බව වාර්තා වෙයි.

පසුව එක් පාර්ශ්වයක් මේ පිළිබඳව ගල්කිරියාගම පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට තිබේ. ගල්කිරියාගම පොලිසියේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ කාන්තාවන් දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා මේ ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

කෙසේ වෙතත් සම ඡන්ද ලබා ගැනීම නිසා කාසියේ වාසිය උරගා ජයග්‍රහණය හිමිව ඇත්තේ බාප්පා සහ පුතකුට වීම විශේෂත්වයකි. ඔවුන් දෙදෙනා ඉතා සතුටින් අතට අත දී නික්ම ගියද ආධාරකරුවන් සහ ආධාරකාරිනියන් කෙහෙවලු පටලවා ගැනීම පිළිබඳව හබරත්තාවල උළුකැටවැව ප්‍රදේශය පුරාම ජනතාවගේ කතාබහට ලක්වී තිබේ.
දඹුල්ල - කේ.කේ. ආරියදාස
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment