උදේට ත්‍රීරෝද රථ කාර්මිකයන් හවසට කොල්ලකරුවන් වෙයි

උදේට ත්‍රීරෝද රථ කාර්මිකයන් හවසට කොල්ලකරුවන් වෙයි

සැකකරුවන් දෙදෙනා පසුගිය 08 වන දා අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරියකගේ ගෙල බැඳි රන්මාලයක් කොල්ලකා පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ පැමිණි යතුරුපැදිය නැවත රැගෙන යාමට නොහැකි වීම නිසා කොල්ලකෑම්වල තොරතුරු සියල්ල අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබුණි.

පොලිසිය යතුරුපැදිය පොලිස් භාරයට ගෙන එහි හිමිකරු සොයාගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනුරාධපුර මුස්ලිම් පල්ලිය ආසන්නයේ ත්‍රීරෝද රථ අලුත්වැඩියාවේ නිරත වන හිතවත් කාර්මිකයෙකු යතුරුපැදිය ඉල්ලාගෙන ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ කාර්මිකයා වෛද්‍යවරියගෙන් කොල්ලකෑ පවුම් එකහමාරක් පමණ බැරැති රන් මාලය ඔහු සන්තකයේ තිබී ගිල දමන අයුරු පොලිසිය දැක තිබේ.

අනතුරුව සැකකරු පොලිස්ථානයට ගෙනවිත් බඩ විරේක වීම සඳහා බෙහෙත් ලබා දී වැසිකිලි යාමෙන් පසුව රන්මාලය සොයාගෙන තිබුණි. මෙම කොල්ලයට අමතරව සැකකරුවන් දෙදෙනා අනුරාධපුර ෆ්‍රීමන් මාවතේ ලොතරැයි අලෙවි කිරීමේ කුටියක සිටි කාන්තාවකගේ ගෙල බැඳී රන්මාලය කොල්ලකා ඇති බවත් ඉන් කොටසක් පමණක් කැඩී ඔවුන් අතට පත්වී ඇති අතර එම කොටස පමණක් රැගෙන ඔවුන් පලා ගොස් ඇතැයි පොලිසිය පැවසුවේය.

කොල්ලකෑම් සඳහා සැකකරුවන් දෙදෙනා මිතුරන්ගේ යතුරුපැදි පමණක් භාවිතා කර තිබෙන බවත් හිදෝගම පොලිස් වසමේ නිවසක තිබූ වටිනා වතුර මෝටරයක් සොරකම් කිරීමේ සිද්ධියකටත් මොවුන් හවුල් බව පොලිසිය පැවසුවේය. මෙම සැකකරුවන් දෙදෙනාට අමතරව යුද හමුදාවෙන් පලාවිත් සිටින සෙබළෙකු ද ඊට සම්බන්ධ වී තිබෙන බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවට තොරුතුරු ලැබී ඇතැයි පොලිසිය පැවසුවේය.

සැකකරුවන් දෙදෙනා අනුරාධපුර පරසන්ගස්වැව හා මහ බුලංකුලම ප්‍රදේශයේ පදිංචි 38 හා 32 වියේ පසුවන්නන් වන අතර ඔවුන් දෙදෙනා දෙදෙනා අද (12) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ගියුබට් විදානගමගේ, පොලිස් සැරයන්වරුන් වන10713 රත්නායක, 29690 බංඩාර, 23016 බංඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන 16446 චන්දන, 47852 කුමාර, 39790 වාසල, පොලිස් කොස්තාපල් රියදුරන් වන 12313 ගාල්ලගේ, 34027 ආනන්ද යන නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

කොල්ලකෑමට යොදාගත් යතුරුපැදියක්

Bike web


බී.එම්. විජේසූරිය - අනුරාධපුරය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment