ජනතාව වෙනුවන් සටන් කළ අය ජනතාව විසින්ම පරාජය කරලා - සමන්ත විද්‍යාරත්න

ජනතාව වෙනුවන් සටන් කළ අය ජනතාව විසින්ම පරාජය කරලා - සමන්ත විද්‍යාරත්න
එසේම ඔහු සඳහන් කළේ උමාඔය සම්බන්ධයෙන් වන නඩුව අප්‍රේල් 26 වනදා දක්වා කල් ගිය බවයි. 
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මහතා, 
 
"ජනතාව දින දෙකකට උඩදී පැවති පළාත් පාලන මැතිවරණයේදී උමාඔය බහු විනාශකාරී  ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ ලෙස අපි දාපු කණ්ඩායම පරාජයට පත් කළා. බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ අපි 3 වන ස්ථානයට පත් වුණා. අපිට මන්ත්‍රී ධුර දෙකක් ලැබුණා. කොට්ඨාස 10 ම පරාදයි. ජනතාව වෙනුවෙන් අපි අවුරුදු 10 කට අධික කාලයක්  සටනක නිරත වුණා. ජනතාවට බොන්න තියෙන වතුර ටික පවා නැති වුණා. උමාඔය සහන කමිටු ලේකම් කාර්යාල හරහා ඔවුන් වෙනුවෙන් බොන්න වතුර ටික ලබා දුන්නා. වගා හානි වුන ජනතාවට වගා හානි අරගෙන දුන්නා. නිවාස 7555 ක් පුපුරලා විනාශ වුණා. ඒ ජනතාවට අපි සහන වන්දි අරගෙන දුන්නා. ඒ ජනතාව වෙනුවෙන් අපි අදත් අධිකරණයට ආවා. 
 
ශ්‍රේෂ්ඨාධිකරණයෙත් ලබන මාසයේදී ඒ නඩුව කැඳවෙනවා. කොහොම නමුත් මේ රටේ පීඩනයට පත් වුණ ජනතාව වෙනුවෙන් අපි කනගාටු වෙනවා. මේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් තිබෙන කනගාටුව අපි පහුගිය මැතිවරණයේදී දිගටම ප්‍රකාශ කළා. ඒ වගේම තමන්ට වතුර ටික අහිමි වුණු, තමාගේ නිවස අහිමි වුණු, තමාගේ ජීවනෝපාය අහිමි වුණු ජනතාව තමන්ට විනාශය කැඳ වූ පිරිස්වලට ජන්දය ලබා දුන්නා. ඒ වෙනුවෙන්  සටන් කළ ජනතාව පරාජයට පත් කළා. ඒ කණගාටුව අපිට තියෙනවා. නමුත් ඒ ජනතාව වෙනුවෙන් අදත් අපි අධිකරණයට ආවා. කොහොම නමුත් දැන් මහපාරට ඇවිත් සටන් කරන්න ශක්තියක් අපිට ගොඩනගන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම තව පැත්තකින් ජනතාව මේ කියන්නේ සහන එපා, විනාශය සාධාරණයිද කියනද යන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒ නිසා 2015 ජනවරම නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමේ වරදට ආණ්ඩුව අද දඬුවම් ලබලා තියෙනවා. නමුත් ඒ දඬුවම නැවත ජනතාවගේ කරමත පැටවීම පිළිබඳව අපි කනගාටු වෙනවා. රට අඳුරු අගාධයට යන්න ඉඩ දෙන්න බැහැ. පක්ෂයක් ලෙස යම් වර්ධනයක අපි ඉන්නවා. නමුත් මේ රටේ සිදු වූ විනාශයට සාපේක්ෂව රටේ ජනතාව තීන්දුවක් ගෙන නැහැ කියන මතයේ අපි ඉන්නවා. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment