පාසල් අවට මීටර් 100ක් ඇතුළත දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අප්‍රේල් මස 7 දා ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරන්න මහතා තීරණය කර ඇත. පාසල් අවට
මිටර් 500ක්
ඇතුළත දුමවැටි අලෙවි කිරීම නතර කිරීමට මීට පෙර තීරණය කර තිබුණ ද එය මේ වන විට මීටර් 100 දක්වා අඩු කිරීමට ඇමැතිවරයා පියවර ගෙන තිබේ.
එසේ අවුරුදු 18ට අඩු අයට පමණක් සිගරැට් අලෙවිය තහනම් කිරීමේ නියෝගය වයස අවුරුදු 21 දක්වා වැඩි කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉදිරීයේදී ලබාගැනීමට නියමිත බව ද සෞඛ්‍ය අමාතයංශය සඳහන් කරයි.
මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරීයේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙම වැඩපිළිවෙළ කෙරෙහි සිය සතුට පළ කරමින් ලිපියක් සෞඛ්‍ය ඇමැතිවරයා වෙත යොමුකර ඇත.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment