ඇමති දුමින්දගෙන් ජනපතිට සහ අගමැතිට චෝදනාවක්.


ජනවාරි ජයග්‍රහණයේ ආරම්භක අවධියේම වංචා සහ දුෂණ සම්බන්ධව වගකීම ගෙන කටයුතු කරන්නේ කවුද යන්න විමසීමේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම එම කටයුත්ත සඳහා මැදිහත්වීම ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කරයි.

පුවත්පතක් සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන අතර ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා අතින්ම සිදුවූ එම අතපසුවීමේ ප්‍රථිපල මේ වන විට ආණ්ඩුවටම විඳින්න සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එසේම 2015 මැතිවරණ වේදිකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දෙදෙනාම හොරකම සහ දුෂණය ගැන වන එකම සටන් පාඨය ගෙන ජනතාව වෙත පොරොන්දුවක් ලබාදුන් බවත් දැන්වත් එම පොරොන්දුව ඉටුකිරීමට කටයුතු කලයුතු බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.

හොරු අල්ලන වැඩේ එක එක්කෙනාගේ කරේ ගහන්න එපා !

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය දුමින්ද දිසානායක, " ඒ පැත්තේ අකාර්යක්ෂමතාවයක් තියනවා. ඒක අපි පිළිගන්නවා. ආණ්ඩුවක් විදිහට අපේ අතින් වැරැද්දක් වෙලා තියනවා නම් ඒක අපි පිළිගන්න ඕනනේ. හොරු ඇල්ලීම ගැන ඔබට වඩා ප්‍රශ්නයක් මට තියනවා. අපි 2015 ආණ්ඩුවෙන් එළියට බැහැලා ආවේ ජීවිත අවධානමක් තියාගෙන. ඒ ඇවිත් අපි රටට හෙළිකළා ඒ ආණ්ඩුවේ හොරකම්. ඒවා විමර්ශනය කරනවා කියලා අපි කිව්වා. 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ රටේ හොරාම් වංචා දුෂණ නැතිවෙයි කියලානේ අපි කිව්වේ. ඒත් අපි කියපු දේ හරියට සිද්ධවුණේ නෑනේ. මම දැනුත් යෝජනා කරන්නේ මේ හොරු අල්ලන වැඩේ එක එක්කෙනාගේ කරේ ගහන්නේ නැතුව හරියට බාරගෙන කරන්න කියලා."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment