බෑග් එක පරීක්ෂා කළාම "පිනා උඹ ගානට වැඩියි" කියා සිසුවෙකු විදුහල්පතීට බැණ වැදී පහරදීලා


             කැලණිය, පිලපිටිය ජනාධිපති විදුහලේ විදුහල්පතිවරයාට සිසුවකු පහරදීමෙන් තුවාල ලබා කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. පසුගිය මාර්තු 2දා (සිකුරාදා) ප.ව. 5.30ට පමණ අධ්‍යපන චාරිකාවක් සඳහා පිටත්වීමට ප්‍රථම සිසු සිසුවියන්ගේ ගමන් මලු පරික්ෂා කරමින් සිටියදී  වසරේ ඉගෙනුම ලබමින් සිටින සිසුවකු එම පරීක්ෂා කිරීම් මගහැර හොර රහසේ බස් රථයකට ගොඩවනු දුටු විදුහල්පතිවරයා
ඔහුව එම බස්

රථයෙන් පිටතට රැගෙන විත් ඔහුගේ ගමන් මල්ල පරික්ෂා කිරීමට උත්සාහ කිරීමේදී "පිනා උඹ ගානට වැඩියි" කියා විදුහල්පතිවරයාට බැණ වැදී කන පෙදෙසට පහරක් එල්ල කොට ගමන්මල්ල රැගෙන පලාගොස් තිබේ.

අනෙක් සිසු පිරිස හා ගුරුමණ්ඩලය චාරිකාව සඳහා පිටත් කර හැරීමෙන් පසුව, පහර කෑමට ලක් වූ විදුහල්පතිවරයා කිරිබත්ගොඩ පොලීසියට සිද්ධිය පැමිණිලි කිරීමෙන් පසුව ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත්ව තිබේ. මෙයට පෙර පාසල මගින් විනෝද චාරිකා යාමට සුදානම්ව සිසුවන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒවා තුළ තිබී මන්ද්‍රව්‍ය හසු වූ බැවින් තමන් ගුරුමණ්ඩලය සමග මෙසේ පරීක්ෂා කිරීම් සිදුකරන ලද බව ඔහු පොලීසියට ප්‍රකාශ කර තිබේ.

 සිද්ධියෙන් පසුව පලාගොස් සිටි සැකකාර සිසුවා කැලණිය පොලීසිය මගින් 40 (ඊයේ) අත්අඩංගුවට ගැනීමෙන් පසු දෙපාර්ශවයම ගෙන්වා කරන ලද විභාගයකදී සැකකාර සිසුවාගේ දෙමාපියන්, ඔහුව පාසලෙන් ඉවත් කර ගැනීමට එකග වීමෙන් සමථයකට පත් වූ බව කැලණිය පොලීසිය පවසයි. මේ අතර මෙම සිද්ධිය මුල්කරගනිමින් විදුහල්පතිවරයාව තවදුරටත් විදුහලේ උන්නතිය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් දෙමාපියන් හා ආදි සිසුන් අද දින (5දා) ප.ව. 7.00ට පමණ විරෝධතා ව්‍යාපාරයක් සිදුකිරීමට සුදානම් බව දෙමාපියෝ පිරිසක් පැවැසූහ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment