මෛත්‍රී-මහින්ද හමුවීමෙන් පසු ෆොන්සේකාගේ දිවුරුම් දීම ඇණ හිටියි.

මෛත්‍රී-මහින්ද හමුවීමෙන් පසු ෆොන්සේකාගේ දිවුරුම් දීම ඇණ හිටියි.

“අපි ඕන සහයෝගයක් දෙන්නම්, රනිල්ව අගමැති තනතුරරේ තියාගෙන ඔබතුමා මේ විදිහටම කරගෙන යන්න. අපි කිසිම විදිහකින් බාධා කරන්නෙ නෑ. හැබැයි එකම ඉල්ලීම නීතිය හා සාමය, ෆොන්සේකාට නම් දෙන්න එපා. දුන්නොත් සේරම වැඩ අවුල් වෙනවා.” යැයි එහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා එහිදී තවදුරටත් කියා තිබෙන්නේ, තමන් ජනාධිපතිවරයාගෙන් දැනට කරන එකම ඉල්ලීම ද එය වන බවයි.

මීට පෙර පැවති තත්වය අනුව අඟහරුවාදා එනම් හෙට (06) තිබෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දිවුරුම් දීමට නියමිත ව සිටියේය. නමුත් මේ නව කතා බහත් සමග පෙනී යන්නේ එය බොහෝවිට සිදුනොවන දෙයක් බවට පත්ව ඇති බවයි.

මොනාක් එකේ නිවෙස් හිමි DIGලාත් කැමති නැහැ.

මේ අතර අපට දැනගැනීමට ලැබෙන්නේ මොනාක් සුපිරි මහල් නිවාස සංකීර්ණයේ මහල් නිවාසවලට හිමිකම් කියන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලැබිම බියකරු සිහිනයක්ව තිබෙන බවයි.

ඒ අනුව මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද කියමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිරිසේන ජනපතිට කියූ කතාවම ය. ඔවුන්ට තිබෙන්නේත් ඒ බියම ය.

ඔවුන්ට ආදායම් මැවූ මත්ද්‍රව්‍ය ජාවාරම් යනාදිය පිළිබඳව සරත් ෆොන්සේකා සතුව තොරතුරු තිබෙන බව ඔවුහු දනිති.

එනිසා මහින්ද රාජපක්ෂට මෙන්ම ඔවුන්ට ද සරත් ෆොන්සේකා මහතා තමන්ගේ විෂය භාර ඇමතිවරයා බවට පත්වීම දරාගත නොහැකි අතර, එය සිදුවනවාට ඔවුන් කොහෙත්ම කැමති නැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment