කොත්තු හොද්දේ වඳ පෙති නඩුව දවසේ අම්පාරේ බෞද්ධ කොඩි


අම්පාර නගරයේ හෝටලයක මස් හොද්දක වඳ පෙති තිබූ බව පවසමින් ඇති වූ ආරවුල සම්බන්ධ නඩු විභාගය පසුගියදා විභාග වෙද්දී  නගරය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබුණු අතර සිද්ධියට අදාළ කඩය පිහිටි ඩී.එස්.
සේනානානායක විදියේ බෞද්ධ
කොඩි

ප්‍රදර්ශනය කර තිබීම විශේෂත්වයක් විය.

සිද්ධියෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් පස් දෙනාට අම්පාර දිසා මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් ඇප නියම කරනු ලැබුවාය.
ඇප ලබාදුන් පුද්ගලයන් සඳහා ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක්ද නියම කළ මහෙස්ත්‍රාත් විදේශ ගමන් අත්හිටුවනු ලැබුවාය. සියලු දෙනාගේ පදිංචිය තහවුරු කිරීමේ සහතික ඉදිරීපත් කරන ලෙසත් පෙළපාළි පැවැත්වීම, උද්ඝෝෂණ, අයුතු ජනරාශිවලින් වැළකීම, සාක්ෂිකරුවන්ට අගතියක් කිර්ම, පළිගැනීම ආදිය කිසිවක් නොකරන ලෙස කොන්දේසි පැනවූ අතර කොන්දේසි කඩ කිරීමක් සම්බන්ධව පැමිණිල්ලක් සිදුවුවහොත් ඇප අවලංගු කරන බවද දැනුම් දුන්නාය.  නඩු  විභාගය මේ මස 13 දිනට කල් තැබීය.
ඇප නියමවීමෙන් පසුව අධිකරණය ඉදිපිට රැස්ව සිටි ගිහි පැවිදි සියලු දෙනා සාමකාමීව විසිර යනු දක්නට හැකි විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment