ලෝක ජල දිනයේ තේමාව වන ජලය අරපිරිමැස්ම සහ ජල සම්පත් කළමනාකරණය කර ගැනීම පාදක කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කේන්ද්‍රකර ගත් තරග මාලාවක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
එහිදී 1-5 සහ 6-10 වසරවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් රචනා හා චිත්‍ර තරගයක් පැවැත්වුණු අතර, ජල සංරක්ෂණය පිළිබඳ වීඩියෝ සහ පවර්පොයින්ට් ඉදිරිපත් කිරීම් ද ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සිදු කෙරිණි.
දේශීය ජල පරිභෝජනය අළලා පැවැත්වුණු මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය පෙබරවාරි 23 වැනිදා පැවැත්වුණේ කොළඹ 09, දෙමටගොඩ සාන්ත ජෝන්ස් විද්‍යාලයේදී ය.
0 comments :
Post a Comment