බිලියනපතියකු සමෘද්ධිලාභියකු වූ හැටි

බිලියනපතියකු සමෘද්ධිලාභියකු වූ හැටි

 

මලික් සමරවික්‍රම මහතාට එම අමාත්‍ය ධුරය හිමිවූ බව ප්‍රචාරය වූ වහා ම ඔහුට සහ එක්සත් ජාතික පක්ෂයට හිතවත් බිලියනපති ව්‍යාපාරිකයෙකු ඔහුට දුරකථනයෙන් අමතා ඇත්තේ සුබ පැතීම සඳහා ය.

"උණුසුම් සුබ පැතුම් ඇමතිතුමා, දැන් ඔබ තුමාට මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් විශාල සේවයක් කරන්න පුළුවන්" යනුවෙන් අදාළ ව්‍යාපාරිකයා පවසා ඇත.

අමාත්‍යවරයා සිනාසෙමින් පෙරළා ඔහුගෙන් විමසා ඇත්තේ " සමෘද්ධි ඇමතිකමෙන් කොහොමද ව්‍යාපාරික ප්‍රජාවට සේවයක් කරන්නේ ?" යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් ව්‍යාපාරිකයා ප්‍රකාශ කර ඇත්තේ "ඇමතිතුමා, දැන් ලංකාවේ ව්‍යාපාරිකයින්ට සමෘද්ධි සහනාධාරේ ගන්න වෙන තැනට වැඩ කෙරිලා තියෙන්නේ. ඔබතුමාලාගේ ආණ්ඩුව යටතේ ව්‍යාපාර ගොඩයයි කියලා තමා හැමෝම හිතාගෙන හිටියේ. ඒත් පහුගිය අවුරුදු තුනට සිද්ධ වුණේ ව්‍යාපාර බිංදුවට ම වැටුණු එකයි. ඒනිසා දැන් ගොඩක් ව්‍යාපාරිකයින්ට සමෘද්ධි සහනාධාර ලබන්න සුදුසුකම් තියෙනවා. දැන් පුළුවන් නම් ඔබතුමා ව්‍යාපාරිකයින්ට සමෘද්ධි සහනාධාරෙවත් හදලා දෙන්න, ජීවත් වෙන්න" යනුවෙනි.

කිසිවක් කියාගත නොහැකිව මඳ වෙලාවක් සිටි අමාත්‍යවරයා "නෑ, නෑ, මට මේක මේ තාවකාලිකව ලැබිලා තියෙන්නේ" යනුවෙන් පවසා ඇත.

"ඉන්න ටික කාලෙවත් පුළුවන් නම් ඕකවත් කරලා දෙන්නකෝ. ඔච්චර කලුත් වෙන දෙයක් කළේ නෑනේ" යනුවෙන් ව්‍යාපාරිකයා අවසාන වශයෙන් පවසා තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment