යතුරුපැදි කල්ලියක් යාපනයේ තරුණයෙක් කපා කොටා පැනගිහින්


යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ පෙරේදා (10) රාත්‍රියේ යතුරුපැදි කල්ලියකින් පැමිණි පිරිසක් තරුණයකුට තියුණු ආයුධවලින් පහරදී පළා ගොස් ඇති බවට තෙලිප්පලෙයි පොලිසිය කීය.

තෙලිප්පලෙයි කලෙයිවානි පුස්තකාලය අසලදී පෙරේදා රාත්‍රී 8ට පමණ මෙම පහරදීම සිදුකොට ඇති අතර පහරදීමෙන් කැපුම් තුවාල ලබා
ඇත්තේ තෙලිප්පලෙයිහි පදිංචි 19 හැවිරිදි රවිචන්ද්‍රන් ලක්ෂාන් නමැති තරුණියකි. පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පහර කෑ තරුණයා පෞලීසියට පවසා ඇන්නේ යතුරුපැදි කිහිපයකින් පැමිණි පිරිසක් එකවරම තමන්ට පහරදුන් බවත් පහරදුන් අය නාදුනන බවත්ය.  පහරදීමෙන් තුවාල ලැබූ තරුණයා මේ වනවිට තෙලිප්පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාළ පහරදීම 'ආවා' කල්ලියේ සාමාජිකයින්ගේ ක්‍රියාවක් බවට සැකකරන බවටත් එම පිරිස් හදුනාගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවත් තෙලිප්පලෙයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment