අලුත් අවුරුද්දට එජාප-ශ්‍රීලනිප අලුත් ගිවිසුමක්.

සම්මුතිවාදී ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග යළි අවබෝධතා ගිවිසුමකට එළඹීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව, ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඊට අදාල කටයුතු සම්බන්ධීකරණය කිරීම අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රීලනිපයේ 05 දෙනෙකුගෙන් යුත් කමිටුවකට පවරා තිබේ.

තමා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග විදෙස් ගතවන බැවින් ඉදිරි දින කිහිපය තුලදී එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමග සාකච්ජා කර නව අවබෝධතා ගිවිසුමක් කෙටුම්පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් අමුණුගම අමාත්‍යවරයා වෙත උපදෙස් දී ඇත.

මේ අනුව අලුත් කැබිනට්ටුවක් සමග අලුත් සම්මුතිවාදී ආණ්ඩුවක් සිංහල - දෙමල අලුත් අවුරුද්දෙන් පසු ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකඟත්වයට පත්ව ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

2015 අගෝස්තු 21 වන දින එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් පක්ෂ දෙක අතර සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර, එය වසර දෙකක කාලයක් සඳහා පමණක් වලංගු වන බවත්, දෙපාර්ශ්වයේ එකඟතාව මත ගිවිසුම දීර්ඝ කළ හැකි බවත් එහි විශේෂයෙන් සඳහන් විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment