අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර

එළඹෙන සිංහල අලුත් අවුරුද්දට අදාළ චාරිත්‍ර සිදු කරන නැකැත් වේලාවන් මෙසේය.



නව සඳ බැලීම

 අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 18 වැනි ඉරිදා ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 20 වැනි සිකුරාදා දින ද සඳ බැලීම මැනවි.

 පරණ අවුරුද්ද සඳහා ස්‌නානය

 අප්‍රේල් මස 12 වැනි බ්‍රහස්‌පතින්දා දින බෝ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි.

 අලුත් අවුරුදු උදාව


 අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08.13 ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

 පුණ්‍ය කාලය

 අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 01.49 සිට එම දා අපර භාග 02.37 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 01.49 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් 14 වැනි සෙනසුරාදා පූර්වභාග 08.13 සිට අපර භාග 02.37 දක්‌වා පහත දැක්‌වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටුකිරීම ද මැනවි.

 ආහාර පිසීම

 අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 10.40 ට නිල් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා, හකුරු මිශ්‍ර කිරිබතක්‌ ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්‌ ද පිළියෙළ කර ගැනීම මැනවි.

 වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

 අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 11.53 ට නීල වර්ණ වස්‌ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

 හිස තෙල් ගෑම

 අප්‍රේල් මස 16 වැනි සඳුදා පූර්ව භාග 10.16 ට උතුරු දිශාව බලා හිසට දිවුල්පත් ද, පයට ඉඹුල් පත් ද තබා සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ දිවුල්පත් මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි.

 රැකී රක්‍ෂා සඳහා පිටත්ව යැම

 අප්‍රේල් මස 19 වැනි බ්‍රහස්‌පතින්දා දින කහ සහ රන්වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක්‌ අනුභව කොට පූර්වභාග 06.03 ට නැගෙනහිර දිශාව බලා පිටත්වීම මැනවි.

 සැ. යු. ඉහත සියලු නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකත් කමිටුව විසිනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment