රතිඤ්ඤා පිපිරෙන අසල සිටීමෙන් කර්ණ ස්නායු විනාශ විය හැකි බවත් ඒ හේතුවෙන් සදාකාලිකව බිහිරි තත්ත්වයට පත්වීමට පවා ඉඩ අවස්ථාව ඇතැයි ජාතික රෝහලේ උගුර කන හා නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසයි.
රතිඤ්ඤා පිපිරීම හරහා ඇතිවන අධික ශබ්දය හේතුවෙන් කන් අඩිය පිපිරීම සිදුවිය හැකි අතර අධික ශබ්දය හේතුවෙන් කන් ඇසීම සති කිහිපයක් නැතිවීම හෝ සදාකාලික බිහිරි තත්ත්යට පත්වීමට ඇති අවස්ථාව වැඩි බවද වෛද්‍යවරිය පැවසුවාය.
එමෙන් ම මිනිසුන්ට මෙන් නිවෙස් හි ඇතිකරනු ලබන සුරතල් සතුන්ට මෙම අධික ශබ්දය දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් සතුන් නිවෙස්වෙතින් ඈත්විය හැකි බවත් ඒ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුනි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment