නයි ගෙනත් දානවාට බියෙන් IPL චෙන්නායි පිටිය අතැර දමයි

චෙන්නායිහි ප්‍රධානතම ක්‍රීඩාංගණය වන චෙපොක් ක්‍රීඩාංගණයට නාගයන් මුදාහරින බවට උද්ඝෝෂකයින් කළ තර්ජන නිසා චෙන්නායිහිදී පැවැත්වීමට නියමිත සියලුම අයි.පී.එල්. තරග පූනේ නගරය වෙත ගෙනයාමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

"පොලිසිය අපට කිව්වා පවතින තත්ත්ව යේ හැටියට ඉදිරියේදී පැවැත්වෙන තරග වලට ආරක්ෂාව දෙන්න එයාලට පුළුවන් කමක් නෑ කියලා. ඒ නිසා තරග චෙන්නායි වලින් පිටතට ගෙන යන්න සිද්ධ වෙනවා" යයි අයි.පී.එල්. තරගාවලියේ සභාපති රජීව් ෂුන්ද්‍රා මහතා තහවුරු කර තිබේ.
කාවේරි නදියේ

ජලයෙ බෙදීයාම සම්න්ධයෙන් ඇතිව තිබෙන විරෝධතා මත චෙන්නායි අයිපීඑල් තරග වර්ජනය කරන ලෙස ක්‍රීඩකයින්ට හා ප්‍රේක්ෂකයින්ටද පසුගිය දිනවල බලපෑම් එල්ල කළ අතර ඒ සඳහා දේශපාලන සංවිධාන හා විරෝෂතා පිරිස් බලපෑම් කළ බව වාර්තා විය.
දකුණු ඉන්දීය නළු රැජිණි කාන්තද මේ සම්බන්ධයෙන් බරපතල විරෝධවය පළ කරන අයෙකි.
පසුගිය අඟහරුවාදා චෙන්නායි පිලත් කොල්කටා නයිට් රයිඩරිස් කණ්ඩායමත් අතර පැවැති තරගයේදී ක්‍රීඩාංගණය ඇතුළත මෙන්ම පිටතත් මේ සම්බන්ධ විරෝධතා පැවැත්විවූ අතර නයි ගෙනත් දමන බවට තර්ජනය කර බියගැන්වුනේ මෙම අවස්ථාවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment