අතුරුදන්වූවැයි සිතූ 14 හැවිරිදි සිසුවිය පෙම්වතා සමග රවුම් ගසා මාස හයකට පසු නිවසට


නිවසින් අතුරුදන් වූ වයස අවුරුදු 14 යි මාස 3ක බාලවයස්‌කාර දැරියක මාස 6 1/2 කට පමණ පසු වෙනත් නිවසක සිටියදී හමුවී ඇත.

කොස්‌වත්ත පොලිස්‌ වසමට අයත් කොස්‌වත්ත වෑකන්ද පාර පදිංචිව සිටි මෙම දැරිය මේ වසරේ ජනවාරි 02 වැනි දින නිවසේ කිසිවකුටත් නොකියා නිවසින් පිටවී ගොස්‌ තිබේ. ඇය නිවසින් අතුරුදන්වීම ගැන ඇයගේ සහෝදරිය කොස්‌වත්ත පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබේ. එහෙත් ඇය ගැන

තොරතුරක්‌ අනාවරණය වී නැත.

2018 ජූලි 21 දින දැරියගේ මව විදේශගතව සිට පැමිණ ඇය ගැන සොයා බලා ඇත. එම සොයා බැලීමේදී මාරවිල පොලිස්‌ වසමට අයත් වලහපිටිය ප්‍රදේශයේ නිවසක දැරිය සිටින බවට දැනගන්නට ලැබී මාරවිල පොලිස්‌ ස්‌ථානයට මේ බව දන්වා තිබේ.

පසුව මාරවිල පොලිසියේ නිලධාරීන් සමඟ ගොස්‌ දැරිය කැඳවාගෙන පැමිණීමෙන් පසු ඇයගෙන් ප්‍රකාශයක්‌ සටහන් කර ගැනීමට කොස්‌වත්ත පොලිසියට බාරදී ඇත.

කොස්‌වත්ත පොලිසියට ප්‍රකාශයක්‌ ලබාදී ඇති දැරිය තමා ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වන ලද වලහපිටියේ පදිංචි තරුණයකු සමඟ අනුරාධපුර ශ්‍රාවස්‌තිපුර පදිංචි ඔහුගේ ඥාති නිවසකට ගිය බවත් එහිදී තමා දූෂණයට ලක්‌වූ බවත් කියා තිබේ. ඒ අනුව 2018 ජනවාරි 06 දින අනුරාධපුර පොලිස්‌ වසමේදී ස්‌ත්‍රී දූෂණයක්‌ සිදුවී ඇති බැවින් එම ස්‌ථානය පරීක්ෂා කර  නිරීක්ෂණය සටහන් කර එවන ලෙසට කොස්‌වත්ත පොලිසිය අනුරාධපුර පොලිසියට දැනුම් දී ඇත.
මේවනවිට සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ. යූ. ගුණපාල
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment