උඩුවේ ධම්මාලෝක හිමි උඩු ගුවනට යන්න මොහොතකට පෙර ගුවන් යානයෙන් ඉවතට


එංගලන්තයේ ලන්ඩන් නුවර මෙම සති අන්තයේ පැවැත් වීමට නියමිතව තිබූ ධර්ම දේශනා කීපයක් සඳහා සහභාගී වීමට උඩුවේ ධම්මාලෝක හිමියන් අද උදෑසන ලන්ඩන් බලා පිටත්වීම සඳහා අද කටුනායක ගුවන්තොටුපළට වැඩම කර තිබූ අතර එහිදී ආගමන විගමන අංශ පරීක්ෂාවෙන් පසු ඕමානය හරහා ලන්ඩනය
වෙත ගමන් කරන්නට අවශ්‍ය සියලු ලිපි ලේඛන තහවුරුවීමෙන් පසු උන් වහන්සේ ඕමාන ගුවන් සේවයේ ගුවන් යානයක අසුන් ගැනීමට ගොස් තිබේ.
කෙසේ වෙතත් ගුවන් යානය උඩුගුවනට යන්නට ටික වේලාවක් තිබී ගුවන් තොටුපළ ආගමන විගමන අංශ නිලධාරින් උන්වහන්සේ සිටි ආසනය වෙත පැමිණ

ගුවන් ගමනට ඉඩ දියනොහැකි බව දන්වා ඇත.

නීති විරෝධි ලෙස ඇත් පැටවෙකු ඇලන් මැතිනියාරාම පන්සලේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් සැකපිට 2016 වසරේ අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඒ දිනවල දිගින් දිගටම ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප වූ අතර විදෙස් ගතවීම තහනම් ඇතුළු කොන්දේසි කිහිපයක් මත ඇප මත නිදහස්ව සිටී.
මෙම හේතුව නිසා නීතිය ප්‍රකාරව පූජ්‍ය උඩුවෙ ධම්මලෝක හිමියන් ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් අද රදවාගෙන තිබේ.

අනතුරුව හිමියන් නැවත පන්සලට වැඩම කරන ලද අතර හිමියන්ගේ තර්කය වන්නේ තමන්ට එරෙහිව පවතින ගුවන් ගමන් තහනමට තාවකාලික ඉවත් කිරීමක් ලබා ඇති බවකි. නමුත් එම ඉවත් කිරීම ලබන අගොස්ස්තු මස 26 සිට ඔක්තෝබර් මස 12 වැනිදා දක්වා කාළය තුළ පමණක් බව නිලධාරීන්ගේ තර්කයයි.

හිමියන්ගේ නිතීඥවරුන් මේ සම්බන්ධයෙන් අදාළ නීතිමය තත්ත්වය දැන ගැනීමට අධිකරණය වෙත ගොස් ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment