ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් කාන් පකිස්තානයේ අගමැති පුටුවට

හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක ඉම්රාන් කාන් පකිස්තානයේ මහමැතිවරණයෙන් පැහැදිලි ජයක් ලබාගන්නා ලකුණු මේ වනවිට පහළ කර තිබෙන අතර ඒ අනුව ඔහු පකිස්තානයේ අගමැතිවරයා ලෙස තේරීපත්වීමට නියමිතය.
1980-90 දශකයේ ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙකුවූ ඉම්රාන් කාන් 1992 පාකිස්තානයට ලෝක කුසලානය ලබාගැනීමටද
මුල්වූ කණ්ඩායම් නායකයා විය.

ඔහු එම ජනප්‍රියත්වය සමග දේශපාලනයට පිවිසි අතර මුල් කාලයේ අසාර්ථක චරිතයක් විය.නමුත් පසුව විපක්ෂයේ සිටිමින් පාලක පක්ෂයේ අඩුලුහුඩු පෙන්වාදෙමින් ජනතා ආකර්ෂණය දිනාගන්නා දේශපාලකයෙකු බවට පත්වූ අයෙකි.

මෙවර මහමැතිවරණයේදී ඔහු විසින් පිහිටුවනු ලැබූ Tehreek-e-Insaf (PTI) පක්ෂය වෙනුවෙන් ඔහු තරග වැදුණේය. මේ වනවිටත් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙමින් තිබෙන අතර අද 26 රාත්‍රී 12 පමණ වනවිට සම්පූර්ණ ප්‍රතිඵලය ලබාදෙන්නට නියමිතය.

මේ වනවිට එම පක්ෂය පැහැදිලි බහුතරයක් ලබා ඉදිරියෙන් සිටින අතර 272 ක් වූ මුළු ආසන ගණනින් 119 බහුතරය මෙම පක්ෂය ලබා ඇති බවට වාර්තා පළව ඇත ඒමගින් රාජ්‍ය බලය පිහිටුවීමේ හැකියාව ලැබී තිබේ.
අද සවස 5.30 ට පමණ ඉම්රාන් කාන් සිය නිවසේ සිට ජාතිය අමතමින් ජයග්‍රහණය ගැන සතුට හා ජනතාවට ස්තූතිය පළ කළේය.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment