ගිනිගේට මරණ තර්ජන තිබිලා : මරණය දිවි නසා ගැනීමක් නෙවෙයි.



ජනප්‍රිය නළුවකු හා ගායකයකු වූ ඉන්දික ගිනිගේ මහතාගේ මරණයට හේතුවන දෘශ්‍යමාන හා ආසන්නතම හේතුවක් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී  නොමැති බැවින් සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමුකර ඇති අතර ඒ සඳහා විවෘත තීන්දුවක් ලබාදී තිබේ. 

මේ මරණය දිවි නසාගැනීමක් ලෙස ඇතැම් මාධ්‍ය වලින් ප්‍රකාශ කර ඇතත් එවැන්නක් සදහා වන සාධක මේ මරණ පරීක්ෂණයේදී අනාවරණවී නොමැති බව අතර  ඔහු මිය යන විට අක්මාවේ දුර්වලතාවක් තිබූ බව අනාවරණය වී ඇත.

ගිනිගේ මහතා මිය යනවිට ඔහුගේ වසර 7ක විවාහය ද දෙදරා ගොස් තිබූ අතර ඔහුගේ බිරිඳ විදෙස් ගතව ඇති බවත්, දියණිය බිරියගේ මව සමඟ සිටින බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඔහු විවාහයට පෙර ජනප්‍රිය නිළියක සමඟ හාදවී සිට ඇගේ වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හැරීම හේතුවෙන් නිළියගේ පසු කාලීන පෙම්වතෙකු වූ රත්වත්තේ පවුලේ ආරක්ෂකයකුගෙන් මරණ තර්ජන එල්ලව තිබූ බවද මේ අතර වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment