අවස්ථාව දෙනව නං මං වර්ල්ඩ් කප් එකට සෙල්ලම් කරනවා - මාලිංග

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නම් අවසන් ලෝක කුසලාන තරගාවලිය බැවින් අවස්ථාවක් ලැබුණහොත් ක්‍රීඩා කිරීමට සුදානමින් පසුවන බව දෙවැනි එක්දින තරගයේදී කඩුලු 5 ක් බිඳ දැමූ ලසිත්
මාලිංග පවසයි.

මෙම තරගයේදී ලකුණු 44 ට කඩුලු 5 ක් බිඳ දැමු මාලිංග සිය ජාත්‍යන්තර කඩුලු 500 සීමාව පසු කළේය. "2019 ලෝක කුසලාන මගේ ක්‍රිකට් දිවියේ අවසන් අවස්ථාව. මට තේරීම්, කමිටුව අවස්ථාවක් දුන්නොත් මම ක්‍රීඩා කරනවා. මම ක්‍රීඩිකයෙක් විතරයි. මාව තේරුවොත් මට ක්‍රීඩා කළ හැකියි.
මම එහෙම කියන්නේ මීට පෙර අත්දැකීම සමගයි" යැයි මාලිංග පවසයි.

මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු තනතුර හේතුවෙන් පසුගිය අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වූ මාලිංග පසුව කැනඩා 20-20 තරගාවලියට ක්‍රීඩා කර ඉන් පසු අන්තර් පළාත් තරග ක්‍රීඩා කර ආසියානු කුසලාන සංචිතයට එක්වී දස්කම් දක්වමින් ශ්‍රී ලංකා එක්දින පිලේ ස්ථානය තහවුරු කර ගත්තේය.
එංගලන්තයට එරෙහි දෙවැනි තරගයේදී ජේසන් රෝයි පළමු පන්දුවාරයේදී දවාගත් මාලිංග ඉන් පසු මොගන්ගේ පිතිහරඹය හේතුවෙන් එංගලන්තය ලකුණු 300 සීමාව පසුකරන තත්වයක් තිබියදී මෝගන් සහ මොයින් අලී පිටපිට පන්දු දෙකකදී දවා ගනිමින් අවසානයේ කඩුලු 5 ක් දවා ගත්තේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment