පාසල් ප්‍රදර්ශනය නරඹා යන අතරතුර දිය නෑමට ගිය සිසුවෙකු අතුරුදන්

මිතුරන් පිරිසක් සමග  ජා-ඇල මාකවිට ගල්වැටිය ඕවිල්ල ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු පෙරේදා (13දා) වීම ජලාශයේ ගිලී අතුරුදන්ව ඇතැයි ගම්පහ පොලීසිය පවසයි.

මෙලෙස දිය පහරට හසුව අතුරුදන්ව ඇත්තේ 11 වසරේ
අධ්‍යාපනය ලබන අතක 140, උතුරු කුඩහපොළ පදිංචිව සිටි දසිත චමීර නයනජිත් (අවු.17) නමැති සිසුවෙකි.

ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක පැවති ප්‍රදර්ශනයක් නැරඹීමට ගොස්  ජා-ඇල තුඩැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් 4දෙනකු ආපසු සිය නිවාසවලට එන අතරතුරදී මෙම සිසුන් සිවු දෙනා දිය නෑමට කථිකා කරගෙන මාකවිට ගල්වැටිය වේල්ලට ගොස් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.

සිසුවා අතුරුදහන් වී ඇති ජලාශයේ නාවික හමුදා කිමිදුම් නිලධාරීන් හා ප්‍රදේශයේ ජනතාව සොයා බැලීම් කළද ඊයේ (14දා) සචස් වනතුරුම සිසුවා සොයා ගැනීමට නොහැකි විය. සිසුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔහු සමග දිය නෑමට ගිය සිසුන් ගම්පහ පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment