සුදු කෙස්‌ ගලවන්න කථාකර සිසුන්ට ලිංගික අතවර කළ විදුහල්පති

තෙබුවන පොලිස්‌ වසමේ පාසලක විදුහල්පතිවරයකු විසින් බරපතළ ලිංගික අතවර කළ බව කියන 14 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට (12 වැනිදා) පොලිසිය විසින් ඇතුළත් කර ඇත.

කළුතර කොට්‌ඨාස

ළමා හා කාන්තා කාර්යාංශයට ලිංගික අතවරයට ලක්‌වූ දරුවන් දෙදෙනාගේ මවුපියන් විසින් කරන ලද පැමිණිල්ලක්‌ අනුව කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි පොලිස්‌ පරීක්‌ෂක මල්කා තුෂාරි මහත්මිය විසින් මෙම පරීක්‌ෂණය ආරම්භ කර ඇත.

මෙම විදුහල්පතිවරයා විසින් පාසලට සපයන දිවා ආහාර වලින් කොටසක්‌ තම කාමරයට ගෙන්වා ගෙන මෙම ශිෂ්‍යයන්ට දෙන බවත් කෑම දෙන්න කතා කර තමන්ගේ හිසේ සුදු වී ඇති කෙස්‌ ගස්‌ ප්‍රථමයෙන් ගලවා ගෙන ඇති බවත් පසුව දරුවන්ව බරපතළ ලිංගික අතවරයන්ට ලක්‌කර ඇති බවත් පොලිස්‌ පරීක්‌ෂණ වලදී අනාවරණය වී ඇත.

විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කර ඇත.

-විජයසිරි විද්‍යාසේකර -
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment