අද සන්ධානය එජාපයට වඩා වැඩිවුණා කථානායක මග ඇරියා - දිනේෂ්


පාර්ලිමේන්තු තුළ එක්සත් ජාතික පක්ෂයට වඩා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම වැඩි බවට කථානායකවරයා විසින් පිළිගත් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා පවසයි.

අද(19) පාර්ලිමේන්තු

සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර කථානයකවරයාට මුහුණ දිය නොහැති තත්ත්වයක් නිසා අද සභා ගර්භය වෙත නොපැමිණි බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා සඳහන් කළේය.

කථානායකවරයෙකුට අගමැතිවරයෙක් පත් කිරීමට හෝ ඉවත් කිරීමට බලයක් නොමැති බවට පක්ෂනායක රැස්විමේදී  එක්සත් ජනතා නිදහස් ජනතා නිසහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ප්‍රකාශ කළ බව ඒ මහතා පැවසීය.

විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපක් කළ මුදල් පිළිබඳ යෝජනාවට සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා පැවසුවේ මුදල් පිළිබඳ යොජනාවක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හැර විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කළ නොහැකි බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment