හුවාවි ලොක්කාගේ දියණිය අත්අඩංගුවට

චීනයේ විදුලි සංදේශ දැවැන්තයෙකු වන හුවාවි සමා/මේ නිර්මාතෘගේ දියණිය කැනඩාවේදී අත්අඩංගුවට

ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. හුවාවි සමාගමේ නිර්මාතෘගේ දියණිය සහ එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස කටයුතු කරන
මෙන්ග් වංෂූ වැන්කූවර්හීදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කැනඩාව විසින් ඇය අමෙරිකාවට භාර දීම සදහා මේ වන විට කටයුතු කරමින් සිටින අතර අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති හේතුන් මෙතෙක් අණාවරණය වී නැත.
මේ අතර අමෙරිකාව විසින් ඉරානයට පනවා ඇති සම්බාධක උල්ලංඝනය වන ආකාරයට හුවාවි ආයතනය කටයුතු කිරීම පිලිබද අමෙරිකාව  විසින් විමර්ශනය ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් හුවාවි සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමත් දන්නා පරිදි අත්අඩංගුවට ගැනීමට තරම් වරදක් ඇය විසින් සිදු කර නොමැති බවයි.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment