මිලියන 3000ක නව මංමාවත් සති දෙකකින්: තෝප්පුව නව පාලමත් ජනතා අයිතියට.


මීගමුව, කොච්චිකඩේ තෝප්පුව නව පාලම අද(17) ජනතා අයිතියට පත්කලා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍යව පැවති මෙම පාලම ඉදිකිරීම සදහා රජය වැයකර ඇති මුදල රුපියල් මිලියන 200ක්.

ඉදිරි දින 14 තුළදී දිවයින පුරා ප්‍රදේශ රැසක රුපියල් මිලියන 3000ක වියදමින් ඉදිකල නව මහා මාර්ග සහ පාලම් 210ක් ජනතා අයිතියට පත්කිරීම සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ප්‍රකාශ කලා.


මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා

පසුගිය වසර හතර තුලදී ජනතාවට වඩාත් අවශ්‍ය මහා මාර්ග හදුනාගනිමින් ක්‍රමානුකූල සැලසුමකට අනුව එම මාර්ග සංවර්ධනය සදහා ක්‍රියාකල බවද කොමිස්, දූෂණ සහ වංචා වලින් තොර මාර්ග සංවර්ධනය සදහා කැපවූ ආයතනයක් නිර්මාණය කිරීම සදහා කැපවී ක්‍රියාකරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment