බිරිය බලන්න රෝහලට යද්දී රුහුණු කුමාරියේ මෝටර් රථය ගැටී තිදරු පියා මරුට

13 වනදා උදෑසන 06.05ට  පමණ මාතර සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ මෝටර් රථයක්  ගැටීමෙන් අයකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මෙම
අනතුර වෙලේගොඩ දුම්රිය හරස් මාර්ගයේදී සිදුවිය.
අනතුරෙන්  ජීවිතක්ෂයට පත්ව ඇත්තේ‍ මාතර වෙලේගොඩ පදිංචි ධම්මික (48) තිදරු පියෙකි.  කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය බිරිය බැලීමට ඊයේ නිවසින් පිට තිබේ. මාතර රාහුල මාර්ගය හරහා අධිවේගී මාර්ගයට යෑමට තිබුණද මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමට ආපසු හැරී මෙම වෙලේගොඩ මාර්ගය හරහා පඹුරණ ඉන්ධන පිරවුම්හලට යාමට පැමිණ ඇත.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියට එන මෝටර් රථය දැක යතුරුපැදියක පැමිණී තරුණියන් දෙදෙනකු කෑගසා දුම්රිය එන බව කීවද මෝටර් රථයේ රියැදුරුට ඇසී නැත. පසුව එම තරුණයන් අතින් එන්න එපා කියා කියනවාත් සමඟ මෝටර් රථය රේල් පාර මතට පැමිණ තිබේ. ඒ සැණින්ම දුම්රියේ ගැටී මීටර් විස්සක් පමණ දුරට විසිවී ඇත. එම අනතුරෙන් මෝටර් රථය පැදවූ ධම්මික කුමරප්පෙරුම යන අය එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබේ. වාහනයේ පැමිණි ඔහුගේ දියණිය සහ බිරියගේ  අක්කාගේ ස්වාමිපුරුෂයා තුවාල ලබා මේ වන විටත් රෝහලේ ප්‍රතිකාර ලබයි.  මෙම ස්ථානයේ අනාරක්ෂිත
ස්ථානයක් බැවින් අදාළ වගකිවයුතු කිසිවකු එකොළොස්වන අනතුර සිදුව ඇති මේ මොහොතේත් දුම්රිය ආරක්ෂිත ගේට්ටුවක්  ලබා දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.


-උදය කුමාර රණවීර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment