
මේ දැරිය කුඩා කතරගම පෙරහැර බලන්න ගියවෙලාවේ මැදගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග සුහද වී දුරකථන අංක හුවමාරු කරගෙන තියෙනවා.
පසුව දෙදෙනාම ආදර සබඳතාවයක් ඇතිකරගෙන ඇති අතර මැදගම ප්‍රදේශයට මෙම දැරිය ගෙන්වාගෙන ඔවුන් දෙදෙනා සතියක් පමණ එකට ජීවත්වී දැරිය ආයෙමත් ගෙදර ගිහින්.
නැවතත් තමන් වෙත එන්න කියලා තරුණයා විසින් ඉල්ලීම් කළත් දැරියගේ දෙමව්පියන් ඒකට කැමති වෙලා නෑ.
දිගින් දිගටම කරන ඉල්ලීම් නිසා දැරිය ඇගේ මව සමග මැදගම පිහිටි තරුණයාගේ නිවසට ඇවිත්.
නිවසට පැමිණෙන්න ප්‍රමාදවූ නිසා කෝපයට පත්වුණු තරුණයා ඇගේ පෙම්වතියටත්, මවටත් පහරදෙන්න පටන් අරගෙන.
කොහොම වුණත් මේ ගැන බඩල්කුඹුර පොලිසියට කරපු පැමිණිල්ලකින් පස්සේ අදාල තරුණයාව පොලිස් අත්අඩංගුවට අරගෙන. 15 හැවිරිදි දැරියව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකරලා කියලයි අපිට ආරංචි වුණේ.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment