
හොඳම යතුරුපැදි ධාවන ශූරිය ලෙසට ඉන්දියාවේ කිරුළු පැළඳි වීනු පලිවාල් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ සවස මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේදී මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙනවා. 44 හැවිරිදි වීනු පලිවාල් ජායිපුර් ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.
ඇය ගමන් කල යතුරුපැදිය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්. අනතුරින් පසු ඇය රෝහල් ගතකර ඇති අතර වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ යතුරුපැදි ශූරිය රෝහලට රැගෙන එන විට ද මරණයට පත්ව සිටි බවයි.
ඉන්දියාව පුරා සංචාරයක නිරතවී විශේෂ වැඩසටහනක් නිර්මාණය කිරීමට ද වීනු පලිවාල් සැලසුම් කර තිබී ඇතැයි සඳහන්.
ඒ වෙනුවෙන් කල සංචාරයකදී ඇය මෙම අනතුරට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. 






0 comments :
Post a Comment