මහ රෑ හොර අඹුවගේ ගෙට රිංගන්න යද්දි වෙච්ච වැඩේ

සැමියා රට සිටින කාන්තාවකගේ නිවෙසට රිංගීමට මැදියම් රාත්‍රියේදී තාප්පයට නැග්ග පුද්ගලයකු ඉන් වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ පුවතක් වාර්තා වනවා.

නිවෙසකට ඇතුළු වීමට තාප්පයකින් පැන්න පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් පිරිසක් එම නිවෙස කරා මැදියම් රාත්‍රියේදීම ගිය විට එම නිවසේ තාප්පය අසල පුද්ගලයකු වැටී සිටිනු දැක තිබෙනවා.

ඔහු තාප්පයෙන් බිමට පැනීම නිසා කකුලක් කැඩී බරපතළ තුවාල ලබා සිටි නිසා වහාම ඔහු පොලිස් ස්ථානය කරා ගෙනැවිත් කටඋත්තර ලබාගෙන රෝහල් ගත කළ බවයි දැගන්නට ලැබෙන්නේ.

එම නිවසේ පදිංචි කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදේශ රැකියාවක් සඳහා ගොස් සිටි අතර ඇය තමා සමග ඇසුරක් පවත්වාගෙන ගිය බවත් මෙදින රාත්‍රි ඇගේ ආරාධනය අනුව තමා එම නිවෙසට ඇතුළු වීම පිණිස තාප්පයට නැග බිමට පැන්න නමුත් පය පැටලී තමා බිමට වැටී තුවාල ලද බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

තුවාලකරු එසේ කීවත් එම නිවසේ පදිංචි කාන්තාව එම කතාව ප්‍රතික්ෂේප කර ඇති බවත් තමා තුවාලකරු නොදන්නා අතර කෑගසන ශබ්දය ඇසී බැලූ විට ඔහු තම වත්තේ තාප්පය අසල වැටී සිටිනු දැක බියට පත්ව කෑගැසූ බවත් පසුව අසල්වාසීන් පැමිණ පොලිසිය ගෙන්වා ගත් බවත් පවසා තිබෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment