ආරක්ෂක තොරතුරු දෙන්න නව ඒකකයක්   

ආරක්ෂක තොරතුරු දෙන්න නව ඒකකයක්   

ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා තනි මාධ්‍ය ඒකකයක් පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. 

ජාතික ආරක්ෂක මාධ්‍ය ඒකකය නමින් ත්‍රිවිධ හමුදාවත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ කරමින් ස්ථාපිත කිරීමට නියමිත නව මාධ්‍ය ඒකකය සඳහා පත් කරන මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිල කාලය උපරිම වශයෙන් මාස 6 කට සීමා කිරීමටද රජයේ අවධානය යොමුව තිබේ.

ත්‍රිවිධ හමුදාවත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් වෙනුවෙන් තනි මාධ්‍ය ඒකකයක් පිහිටුවීමට අදාළව ආරක්ෂක අංශ ප්‍රධානීන්, ‍‍‍ජ්‍යෙෂ්ඨ ජනසන්නිවේදකයන් හා ආරක්ෂක විශේෂඥයන් සැපයූ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහට ලබන 02 වැනිදා භාරදීමට නියමිතය.

යුද්ධයක් නැති අවස්ථාවක ත්‍රිවිධ හමුදා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු වෙන වෙනම මාධ්‍ය ඒකක පවත්වාගෙන යාම නැති අර්බුද ඇති කිරීමට හේතුවක් වන බවට මීට පෙර අවස්ථා ගණනාවකදීම රජයේ ආරක්ෂක උපදේශකයන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු දක්වා තිබේ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment