අල්ලස් කොමිසමේ වාර්තාව ජනපතිට

අල්ලස් කොමිසමේ වාර්තාව ජනපතිට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ වාර්ෂික වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ සභාපති හිටපු විනිසුරු ටී.බි. වීරසූරිය මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. නෙවිල් ගුරුගේ, ජනාධිපති අතිරේක ලේකම් කේ.ජී. විජේසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment