අද සිට වතුකම්කරුවන් වෘත්තීය ක්‍රියාමාර්ගයක (PHOTOS)

අද සිට වතුකම්කරුවන් වෘත්තීය ක්‍රියාමාර්ගයක (PHOTOS)

ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් විසින් වතුකම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1,000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා නියමිත වේලාවට සේවයට වාර්තා නොකර වතුකරය පුරා උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වමින් පැය 03ක කාලයක් ප්‍රමාද වී සේවයට වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්යක් අද (27) උදෑසන සිට ආරම්භ කර තිබේ.

නෝර්වුඩ් සහ බගවන්තලාව ප්‍රදේශයෙහි එම වෘත්තීය සමිති සාමාජිකයින් අද බගවන්තලාව වැවිලි සමාගමේ හා නෝර්වුඩ්හි කලාප භාර ප්‍රධාන විධායක නිලධාරී ෆොරොස්ට් මජිත් මහතා වෙත සංදේශයක් භාරදෙමින් අවධාරණය කර සිටියේ තමන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩිකර හිඟ වැටුප් ද සමඟ ලබාදීමට කටයුතු නොකළොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

මේ වනවිට තේ වතු සමාගම් වතුකම්කරුවන්ට ගෙවන මූලික වැටුප වන රුපියල් 450ක මුදල 500 දක්වා වැඩිකර සෙසු දීමනා සමඟ රුපියල් 675ක් ලබාදීමට වතු හාම්පුතුන්ගේ සංගමය එකඟතාවය පළකර ඇතත් එයට වතු ඒකාබද්ධ වෘත්තීය සමිතිය එකඟ වී නොමැත.

වතු අධිකාරීවරුන් ප්‍රකාශ කරන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තේ කර්මාන්තය තවත් කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇති බවයි.

මේ වනවිට තේ නිෂ්පාදන වියදම හා ලෝක වෙළඳපොලේ ශ්‍රී ලංකාවේ තේ කිලෝවකට ලැබෙන මිල හා සසඳා මෙම නව වැටුප් වැඩිකිරීම වතු ඒකාබද්ධ වෘත්තීය සමිති වෙත යෝජනා කර ඇති බව වතු අධිකාරීවරුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment