ටවුන් හෝල් ක්ලික් සමාජ ශාලාවේ
කලබලය ඇති කරේ
දහම්ද රෝහිතද චතුරද පසන්ද ?
පසුගිය සිකුරාදා රාත්‍රියේ කොළඹ යුනියන් පෙදෙසෙහි පිහිටි ‘ක්ලික්’ නමැති සමාජ ශාලාවේ කලබලයක් සිදුව තිබේ. රාත්‍රි 2 ට පමණ ශාලාව වසා දමා තිබුණ අවස්ථාවක ඒ වෙත පැමිණි ප්‍රභූ පුතෙකු ඇතුළු පිරිසක් එයට ඇතුළුවන්නට උත්සාහ දැරීම මෙම කලබලයට හේතුවයි. එම අවස්ථාවේදී සමාජ ශාලාවේ වැඩ අහවරව ඇති නිසා එයට ඇතුළුවිය නොහැකි බවටත්
විශේෂ අවසරය ලබාගන්නට මද වේලාවක් රැඳී සිටින ලෙසත් ආරක්ෂක නිලධාරියා දැනුම් දුන් පසුව ඇතිවූ කෝපයට ප්‍රභූ පුත්‍රයා සහ පිරිස එක්ව ඔහුට සහ තවත් අයෙකුට පහරදී සමාජ ශාලාවේ වීදුරුද බිඳ දමා යකා නටා ගොස් ඇති බව වාර්තාවේ.එම අලාබ සිදු කිරීමේදී ක්‍රිකට් කඩුලුද සහායට ගෙන ඇති බව ඡායාරූප වලින් දැක්වේ.
පහරදීමට එම පුත්‍රයා සමග ආ ප්‍රභූ ආරක්ෂකයින් සම්බන්ධ වූ බවටද කතා පැතිර තිබේ.ඔවුන් පැමිණ ඇත්තේ වාහන තුනකින් බවටද තොරතුරු පැතිර තිබේ.
සිද්ධියෙන් අනතුරුව සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියා සහ තවත් අයෙකු රෝහල් ගතකොට තිබෙන අතර සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන ලෙස සමාජ ශාලා හිමිකරුවන් පොලිසියට පැමිණිලි කර ඇත.
මේ ආකාරයට යකා නැටූ ප්‍රභූ පුත්‍රයා ජනපති පුත් දහම් සිරිසේන බවට එක් පසෙකින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් දියත්ව තිබෙන අතර තවත් පසෙකින් එම ගැටුමට මුල්වූයේ හිටපු ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂ බවටද ආරංචි පැතිර යයි.
තවත් අය කියන්නේ ප්‍රභූ ආරක්ෂක අංශ සමග පැමිණ යකා නැටු මෙම ප්‍රභූ පුත්‍රයා ඇමති රාජිත සේනාරත්නගේ පුත් චතුර හෝ ඇමති මහින්ද අමරවීරගේ පුත් පසන් විය හැකි බවයි.
කෙසේ වෙතත් මේගැන ආරංචිවූ විගස දැනට තායිලන්තයේ සංචාරයක යෙදී සිටින ජනපති මෛත්‍රිපාල සිරිසේන වහාම පරීක්ෂණ පවත්වන්නැයි එරට සිට පණිවුඩ එවමින් පොලිසියට උපදෙස් දී ඇතැයිද වාර්තාවේ.
ඒ අනුව යමින් රාජ්‍ය බුද්ධි අංශද මේ වනවිට මේ ගැන පරීක්ෂණ අරඹා ඇත.
දහම් සිරිසේන ප්‍රකාශ කර ඇත්තේ තමා සිද්ධියවූ දිනයේ එම ස්ථානයට ගිය බව සත්‍යයක් වන නමුත් රාත්‍රී 7 ට පමණ එහි ඇතුළුවී ටික වේලාවකින් රෝහිත රාජපක්ෂ ඇතුළු පිරිස එහි සිටිනු දුටු පසුව එම ස්ථානයෙන් වේලාසණින් ඉවත්ව ආ බවකි.
එම දෙදෙනාම සමාජ ශාලාව වසන්නට පෙර එහි ගොස් සිටියේ නම් එය වසා දැමූ පසු රාත්‍රියේ නැවත ගියේ කවුරුන්ද යන්නද ගැටලූවකි.
කෙසේ වෙතත් රෝහිත දහම් දෙදෙනාම ක්ලික් සමාජ ශාලාවට නිතර යන එන අය බවද ප්රකටය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහිතගේ හෝ අන් අයගේ ප්‍රතිචාරයක් ගැන තවම වාර්තා නොවේ.
සිද්ධියට මුල්වූ අය ගැන පැහැදිලි විස්තර පරීක්ෂණවලදී අනාවරණය වනු ඇත.
සිද්ධියෙන් පසුව සමාජ ශාලාව අබලන්වූ ආකාරය ඡායාරූප කිහිපයක් පහතින්
0 comments :
Post a Comment