සෙල්ෆි ගන්න ගිය ලාංකික සිසුවියන් දෙදෙනෙකු ඕමාන උල්පතක ගැඹුර ජලයේ ගිලී මරුට


ඕමානයේ ගාර්සිස් උල්පත බලන්න ගිහින්
සෙල්ෆි ගන්න ගිය ලාංකික සිසුවියන් දෙදෙනෙකු
ගැඹුර ජලයේ ගිලී මරුට


  මානයේ සලාලාහි වාසය කරන ශ්‍රී ලාංකික සිංහල හා මුස්ලිම් සිසුවියන් දෙදෙනෙකු ඔවුනගේ පවුල්වල උදවිය සමග සතිඅන්තයේ නිවාඩුවට ගිය විනෝද චාරිකාවකදී අනතුරකට ලක්වී මියගොස් තිබේ.
ඕමානයේ ප්‍රකට ඒන් ගාර්සිස් දිය උල්පත බලන්නට ඔවුන් ඊයේ සන්ධ්‍යා කාලයේ ගමන් කළ අවස්ථාවේ එහි මුදුන් ස්ථානයක සිට
 දෙදෙන හසුවන සේ සෙල්ෆි ඡායාරූපයක් ගන්නට එක්


සිසුවියක  උත්සාහ දරා ඇත.ගැඹුරු දිය පසුබිම් වනසේ  සිරුර තරමක් ඇලකර එම ඡායාරූපය ගන්නට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේ ඇය ලිස්සා වැටෙන්නට හදද්දී අනෙක් සිසුවිය ඇයව බේරන්නට උත්සාහ කර ඇත.

නමුත් එම අවස්ථාවේ දෙදෙනාම එකට ලිස්සා ඇදී ගොස් ගැමුරු ජලය මත පතිතවී ඇත.ඔවුන් මුදුන් ස්ථානයේ කෙළවරට වන්නට සිටි නිසා දෙදෙනාගේ ඇදවැටීම බේරන්නට කිසිවෙකුට හැකියාවක් තිබී නැත.දීර්ඝ අරගලයක් සිදු කර ජලය මත නැවත මුදුනට සිරුරු එන විට දෙදෙනාම මියගොස් තිබුණ අතර පසුව සුල්තාන් ක්වබූස් රෝහලට ඇතුළත් කළද ඔවුනගේ දිවි බෙරාගන්නට බැරිව ගියා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ සවස 6ට පමණය.
මියගිය සිසුවියන් දෙදෙනා රුවනි ඩෙල්සර හේරත් සමරවීර සහ සයිනැබ් නමින් හ‍ඳුනාගෙන ඇත.රුවනි ඕමානයේ ඉන්දීය ජාත්‍යන්තර පාසලකත් අනෙක් සිසුවිය තවත් පුද්ගලික පාසලකත් ඉගෙනුම ලබන අතර දෙදෙනාම සිංහල බසින් කථාකරන බවත් එකට සිංහල ටියුෂන් පන්ති යන මිතුරියන් දෙදෙනෙකු බවත් වාර්තා වුණා.




Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment