ජනපති ප්‍රකාශය ගැන විවේචන, ප්‍රතිචාර එපා - රනිල්ගෙන් උපදෙස්‌

ජනපති ප්‍රකාශය ගැන විවේචන, ප්‍රතිචාර එපා - රනිල්ගෙන් උපදෙස්‌

තම විදේශ සංචාරය නිමකර ලංකාවට පැමිණෙන තෙක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධව කිසිදු විවේචනයක්‌ හෝ ප්‍රතිචාර දැක්‌වීමක්‌ සිදුනොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පක්‌ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට හා ක්‍රියාකාරිකයන්ට උපදෙස්‌ ලබා දී ඇතැයි වාර්තා වේ.

මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලුම මාධ්‍ය සාකච්ඡා ද වික්‍රමසිංහ මහතා විසින් නවතා දමා ඇත. සැලසුම් කර තිබූ මාධ්‍ය සාකච්ඡා තමන් ලංකාවට පැමිණි පසු පවත්වන ලෙස ද එ.ජා.ප මැති ඇමැතිවරුන්ට රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස්‌ දී තිබේ.

සිය විදේශ සංචාරය නිම වී ලබන 21 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment